ආරක්ෂක හා තාක්ෂණික සහයෝගිතාව වර්ධනය කරගැනීමේ පියවරක් ලෙස, ඉන්දියාව සමඟ සබ්මැරීන් ගිවිසුමක් අත්සන් තැබීමට ජර්මනිය සූදානම් වන බව එරට තානාපති ජැස්පර් වීක් ප්‍රකාශ කර තිබේ. ඉන්දීය නාවික හමුදාවේ P-75I ව්‍යාපෘතිය යටතේ නවීනතම සබ්මැරීන 6ක් ඉන්දියාවේදීම නිපදවීම මෙහි අරමුණ වන අතර, ජර්මනියේ ප්‍රධානම සමුද්‍රීය පද්ධති නිෂ්පාදන සමාගම සහ ඉන්දීය රජයට අයත් සමාගමක් අතර මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව බ්ලුම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි.
අමෙරිකානු ඩොලර් බිලිමන 8ක වටිනාකමකින් යුතු මෙම ගිවිසුම සඳහා ජර්මානු පාර්ශ්වයෙන් අවශ්‍ය සියලු අනුමැතියන් ලැබී ඇති බව සඳහන් වේ. ඉන්දීය ආරක්ෂක කැබිනට් කමිටුවේ අවසන් අනුමැතිය ලැබීමෙන් පසු අදාළ ගිවිසුම නිල වශයෙන් අත්සන් තැබීමට නියමිත අතර, විශේෂ තාක්ෂණය භාවිතයෙන් තනා ඇති මෙම සබ්මැරීනවලට ජලයේ මතුපිටට නොපැමිණ වැඩි කාලයක් දිය යට රැඳී සිටීමේ හැකියාව පවතියි.
















