හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විරෝධය පළකරමින් අද (29) කොළඹ මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා.
ගෝඨාභය රාජපක්ෂ මහතා අද කොළඹ මහේස්ත්රාත් අධිකරණයට පැමිණියේ යාපනය මහේස්ත්රාත් අධිකරණය හමුවේ විභාග වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන දෙදෙනාගේ අතුරුදන්වීම සම්බන්ධ නඩුවට මාර්ගගත ක්රමය ඔස්සේ සාක්ෂි ලබාදීම සඳහායි.
එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළ නඩුව සම්බන්ධයෙන් සැප්තැම්බර් 29 වැනිදා කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ පෙනී සිට සාක්ෂි ලබාදෙන ලෙස මීට පෙර අධිකරණය නියෝග කර තිබුණා.
විරෝධතාවයේදී විවිධ පුවරු සහ බැනර් ප්රදර්ශනය කරමින් විරෝධතාකරුවන් සිය අදහස් පළකර තිබෙනවා.
















