සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් බේරා ගැනීම සඳහා රජය සියලු රාජ්‍ය තාන්ත්‍රික හා නීතිමය පියවරයන් ගනිමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම ප්‍රයත්නය යටතේ, සෞදි රජු වෙත විශේෂ ලිපියක් යැවීම සඳහා මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයාගේ සහය අපේක්ෂා කරන අතර, ජනාධිපතිවරයාගේ ඉල්ලීම් සහ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිත ලිපියක්ද සෞදි රජුට ඉදිරිපත් කිරීමට නියමිතය. එසේම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සෞදි විදේශ අමාත්‍යවරයා මුණගැසී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිතව ඇත. අදාළ රටේ පවතින නීතිමය රාමුව තුළ සිටිමින්, අනෝජන්ගේ ජීවිතය බේරාගෙන යළි ලංකාවට රැගෙන ඒම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















