මෙරට නව චීන තානාපති වෙයි හුආෂියැන්ග් මහතා සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ. රාජ්‍ය පරිපාලන ප්‍රතිසංස්කරණ, ප්‍රාදේශීය පාලනය, ආපදා කළමනාකරණය, පිරිසිදු පානීය ජලය සහ පූර්ව අනතුරු ඇඟවීමේ AI තාක්ෂණය කෙරෙහි මෙහිදී ප්‍රමුඛ අවධානය යොමුව ඇත.
දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ සාකච්ඡා කළ අවස්ථාවේදී, චීනය විසින් මෙරටට ලබා දෙන කිසිදු ආධාරයක් වෙනුවෙන් කිසිදු දේශපාලන කොන්දේසියක් තබා නොමැති බව චීන තානාපතිවරයා අවධාරණය කළේය. මෙරට රාජ්‍ය නිලධාරීන්ට චීනය තුළ වැඩිදුර අධ්‍යාපන සහ ප්‍රායෝගික පුහුණු අවස්ථා ලබා දෙන ලෙස අමාත්‍යවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, ප්‍රාදේශීය සහ පළාත් පාලන නිලධාරීන් වෙනුවෙන් විශේෂිත පුහුණු වැඩසටහන් සකස් කිරීමට පියවර ගන්නා බව තානාපතිවරයා පැවසීය. එසේම AI තාක්ෂණය පදනම් කරගත් ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් හඳුන්වා දීමටද මෙහිදී යෝජනා වී තිබේ.
















