සිය හෙල්ලයේ එල්ලයෙන් ලොවම මෙල්ල කළ හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංග ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම ලක්මවට දිනා දෙමින් ඓතිහාසික ජයග්‍රහණයක් අත්කර ගත්තේය. වර්ෂාව මධ්‍යයේ වුවද අභියෝගය අත්නොහැරි ඔහු තම අවසන් උත්සාහයේදීත් හෙල්ලය මීටර් 88.55ක දුරක් විසි කරමින් මෙම රන් පදක්කම හිමිකර ගැනීමට සමත් විය.
පොදුරාජ්‍ය මණ්ඩලයීය ශූරතාව, ඩයමන්ඩ් ලීග් ශූරතාව සහ වර්ල්ඩ් අල්ටිමේට් ශූරතාව මෙන්ම ආසියානු රන් පදක්කමද දිනා ගනිමින් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය වෙත රැගෙන ගිය රුමේෂ් තරංග හෙට දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
















