නව ලෝක වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් පැය 168ක එ అనිකුත් දීර්ඝ නර්තනයක නිරත වූ නයිජීරියානු ජාතික නර්තන ශිල්පියකු වන 33 හැවිරිදි බෙන්ජමින් ඩැනියෙල් ගේබ්‍රියෙල් දැඩි වෙහෙසට පත්වීම හේතුවෙන් රෝහල්ගත කර තිබේ.
පසුගිය සැප්තැම්බර් 22 වැනිදා නයිජීරියාවේ ලාගෝස් නුවර ෆ්‍රීඩම් පාක් උද්‍යානයේදී සිය නර්තනය ආරම්භ කළ ඔහු, දින 7ක් පුරා නොකඩවා නර්තනයේ නිරත වී ඇත. ලෝක වාර්තාවට අවශ්‍ය කාලය පෙරේදා අලුයම සම්පූර්ණ වුවද, ඉන් පසුවද පැය 9ක කාලසීමාවක් ඔහු අඛණ්ඩව නටා තිබේ. මීට පෙර 2023 වසරේදී පැය 127ක කාලයක් නර්තනයේ යෙදුණු ඉන්දීය ජාතික ශ්රුෂ්ති සුධීර් ජග්ටාප්ට හිමිව තිබූ ගිනස් වාර්තාව මෙමඟින් අභිබවා ගොස් ඇති අතර, අදාළ වාර්තාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි ලැබෙන තෙක් බලා සිටින බව ගිනස් ලෝක වාර්තා සංවිධානය පවසයි.
















