සර්පයන් පිළිබඳ ලොව පළමු ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (World Congress on Snakes-2026) අද (01) මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී ආරම්භ වන බව ආචාර්ය නිමල් රත්නායක මහතා පවසයි.
රටවල් 42ක් නියෝජනය කරමින් සර්පයන් පිළිබඳ පර්යේෂණ පවත්වන විද්‍යාඥයන් සහ පර්යේෂකයන් ඇතුළු 400ක පමණ පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වීමට නියමිතය. සර්පයන් පමණක් මූලික කරගනිමින් මෙතෙක් ජාත්‍යන්තර මට්ටමින් කිසිදු සම්මන්ත්‍රණයක් පවත්වා නොමැති අතර, මෙමඟින් ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ලොවට කියාපෑමට සහ සංචාරක කර්මාන්තය නංවාලීමට විශාල දායකත්වයක් ලැබෙනු ඇත. වර්ග කිලෝමීටර් 65,610ක භූමි ප්‍රමාණයක් තුළ උරග විශේෂ 247ක් දැකගත හැකි ශ්‍රී ලංකාව තුළ, ලොව වෙසෙන සර්ප විශේෂ 411ක් අතරින් විශේෂ 112ක් වාර්තා වේ. ඔක්තෝබර් 01, 02, 03 සහ 04 යන දිනවල පැවැත්වෙන මෙම සමුළුව හරහා සර්ප දෂ්ටන අවම කිරීම සඳහා ලෝකයේ වෙනත් රටවල් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුවත් වීමට අවස්ථාව සැලසේ.
















