වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (04) පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.
ඥානසාර හිමි ඊයේ (03) රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ අධිකරණ වරෙන්තුවක් මත සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඥානසාර හිමි සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිතය.














