වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඔක්තෝබර් 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අද (4) ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මීට පෙර නියම වූ සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබිණි.
අධිකරණ නියෝගය අනුව ඥානසාර හිමියන් හෙට (5) අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද නියෝග කර තිබේ.
















