• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ් වසංගතය හේතුවෙන් බිද වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට කඩිනම් පියවර – ඇමැති ප්‍රසන්න

9 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතය හේතුවෙන් රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය රට තුළ පවතින සියලු ගැටලුවලට හේතු වී ඇති බවත් කොවිඩ් වසංගතය හේතුවෙන් බිද වැටුණු ආර්ථිකය ගොඩ ගැනීම සදහා රජය කඩිනම් පියවර ගෙන ඇති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රංශයේ පැරිස් නුවර පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රංශ ශාඛාවේ නියෝජිත රැස්වීමේ දීය.

පවතින අර්බුදයෙන් රට ගොඩ ගැනීම සදහා තෙවැදෑරුම් වැඩ පිළිවෙලක් ඔස්සේ රජය කටයුතු කරමින් සිටින බවයි. කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන විසදුම් මේ අනුව ක්‍රියාත්මක කෙරෙමින් ඇතැයි පෙන්වා දෙන අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මෙහි දි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ” අතිමහත් බහුතරයක් රටේ ජනතාව මහින්ද රාජපක්ෂ – ගෝඨාභය රාජපක්ෂ සුසංයෝගයට පසුගිය මැතිවරණයට ඡන්දය දුන්නේ විශාල බලාපොරොත්තුවක් ඇතිවයි. කොරෝනා වසංගතය නිසා ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරිම කිසියම් පසුබෑමකට ලක්වුණා. අද විපක්ෂය එය දඩමීමා කරගනිමින් ආණ්ඩුවට එරෙහිව මහජන විරෝධයක් ඇති කරන්න කටයුතු කරමින් තිබෙනවා. එදා යහපාලන ආණ්ඩුවේ හිදිමින් රට විනාශ කළ අය අද ජනතාවගේ ආරක්ෂකයන් ලෙස පෙනි සිටිමින් රටේ ජනතාව ආණ්ඩුවට එරෙහිව උසි ගන්වනවා. මේවාට රැවටෙන්න එපා. අපේ ආණ්ඩුව පිළිබද ජනතාව තැබු විශ්වාසය අබමල් රේණුවකින් හෝ කඩ කරන්නේ නෑ. මහින්ද – ගෝඨාභය සුසංයෝගයෙන් හැදුණු මේ ආණ්ඩුව රටට සතුරු ආණ්ඩුවක් නෙවෙයි. රටට සතුරු පිරිස් තමයි කොවිඩ් වසංගතය තුළ රට පත්ව ඇති තත්ත්වය තමන්ගේ වාසියට හරවා ගැනීමට කටයුතු කරමින් ඉන්නේ. අපි කවදාවත් මුල අමතක කරන්නේ නෑ. මුල අමතක කරන අයට ඉදිරි ගමනක් නෑ. 2015 දී මහින්ද මහත්තයා පැරදුණාම ලෝකය පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයෝ එතුමාව නැවත බලයට ගේන්න ඉදිරිපත් වුණා. එදා අපේ රටේ වගේම රටින් පිට හිටපු ශ්‍රී ලාංකිකයන් අපිට ආණ්ඩුවක් පිහිටුවන්න ශක්තියක් වුණා. අපි ඒක කවදාවත් අමතක කරන්නේ නෑ. අද අපේ ආණ්ඩුවට අභියෝග රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ගෝලිය කොවිඩ් වසංගතය ඉන් ප්‍රධානයි. කොවිඩ් වසංගතයත් සමග රටේ ප්‍රධාන ආදායම් මාර්ග සියල්ලම වැසී ගොස් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු බලයට පත් වු විට අපේ රටේ දේශීය නිෂ්පාදනය විනාශ කළා. පසුගිය යහපාලනය කාලෙත් වුණේ ඒක. ඒ නිසා අපිට භාරගන්න වුණේම ආර්ථික වශයෙන් කඩා වැටුණු රටක්. ඒ අතරතුර කොවිඩ් වසංගතය ඇවිත් රට වහපුවාම තත්ත්වය තවත් බරපතළ වුණා. අපිට තිබුණ ප්‍රධාන අදායම් මාර්ග තමයි විදේශ රැකියා ක්ෂේත්‍රය, සංචාරක ව්‍යාපාරය, ඇගළුම් කර්මාන්තය.මේ ප්‍රධාන ආදායම් මාර්ග සියල්ල කඩා වැටුණා. මොන ප්‍රශ්න තිබුණත් අපි කොවිඩ් වසංගතයෙන් අපේ ජනතාව මුදා ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කළා. කොවිඩ් එන්නත් ගෙන්විම සදහා අතිවිශාල මුදලක් වැය කළා. ඒ නිසයි අද කොවිඩ් වසංගතය තරමක් හෝ පාලනය කරගන්න අපිට හැකියාව ලැබිලා තියෙන්නේ. කොවිඩ් වංසගතය එනකොට යහපාලන ආණ්ඩුව එහෙම තිබුණානම් රටම විශාලාවක් බවට පත්වෙන බව නොඅනුමානයි.

අපි පොළවේ පය ගහලා ඉන්න මිනිස්සු. ඒ නිසා අද ආණ්ඩුවට කලින් තිබු තරම් ජන ප්‍රසාදයක් නැති බව අපි දන්නවා. හැබැයි අපිට මේ තත්ත්වයෙන් රට ගොඩගන්න තවත් වසර 03ක් තිබෙනවා. පවතින ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩගන්න පුළුවන් වත්මන් ආණ්ඩුවට පමණයි. අපි දැනටමත් මේ තත්ත්වයෙන් රට මුදවා ගැනීම සදහා අවශ්‍ය තෙවැදෑරුම් වැඩ පිළිවෙලක් සකස් කර තිබෙනවා. කෙටි කාලින, මධ්‍ය කාලීන හා දිගු කාලින සැලසුම් දැනටමත් අපි ක්‍රියාත්මක කරලා. මෙවර අයවැය පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමේ මූලාරම්භයක් වේවි.

ගෝඨාභය ජනාධිපතිතුමා පත් කරන්න, මේ රජය පිහිටුවන්න, පොහොට්ටුව හදන්න අපිට සහාය දුන් සැමගෙන් අපි ඉල්ලනවා අපි ගැන තිබු විශ්වාසය එලෙසම තබා ගන්න. මේ වන විට පත්ව ඇති අර්බුදය ගොඩගන්න ආණ්ඩුවට පුළුවන්. ආණ්ඩුව ඒ වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා. 69 ලක්ෂයක ජනතාව අප කෙරෙහි තැබු විශ්වාසය අපි දිවිහිමියෙන් රකිනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා” . යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ නාවික හමුදා සහන කණ්ඩායම් සීරුවෙන්

Next Post

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දින සැමරුම් ජාතික වැඩසටහන කොළඹදී

editor

editor

Next Post

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දින සැමරුම් ජාතික වැඩසටහන කොළඹදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved