• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

DFCC බැංකුව සහ JAT Living එක්ව සුවිශේෂී නිවාස ණය සැලසුමක් හඳුන්වා දෙයි

14 December 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, පසුගියදා JAT Living සමග විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ, තලවතුගොඩ ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ‘146 Residencies’ ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගන්නා ගැනුම්කරුවන්ට DFCC බැංකුවෙන් සුවිශේෂී නිවාස ණය පහසුකම් හිමි වේ.

JAT Living හි නවතම ව්‍යාපෘතිය වන ‘146 Residencies’, නිදන කාමර දෙක, තුන සහ හතර බැගින් වන සුඛෝපභෝගී නිවාස 112 කින් සමන්විත වේ. වාහන නැවැත්වීම සඳහා එම ව්‍යාපෘතියෙහි මහල් තුනක් වෙන්කෙරෙන අතර, වර්ග අඩි 8,800 කින් යුත් දැවැන්ත අවකාශයක් වන rooftop කොටසේ, පදිංචිකරුවන්ට සැහැල්ලුවෙන් කාලය ගතකිරීම සඳහා උද්‍යානයක්ද ඉදිකෙරේ. මීට අමතරව ඇවිදීමේ මංතීරු, යෝග ව්‍යායාම වල නිරත වීමේ ස්ථානයක්, ළමා ක්‍රීඩා පිටියක්, පිහිනුම් තටාකයක් සහ බාර් එකක් සහිත ක්ලබ්හවුස් එකක් ඇතුළු පහසුකම් රාශියක් මීට ඇතුළත් වනු ඇත.

නිසි සුදුසුකම් සපුරාලන ගැනුම්කරුවන්ට ‘146 Residencies’ වෙතින් නිවාස මිලදීගැනීම සඳහා මෙම සුවිශේෂී ණය පහසුකම ලබාගත හැකි වේ. මෙම ණය සඳහා වසර 4 ක් දක්වා සහන කාලයක් හිමිවන අතර, තම අවශ්‍යතාව අනුව ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදය සැලසුම් කරගැනීමේ හැකියාව පවතී. ඊට අමතරව, රාජකාරි දින 3 ක් ඇතුළත ණය සඳහා අනුමැතිය ලබාදීම සහ, නියමිත කාලයට පෙර අදාළ ණය මුදල ගෙවා අවසන් කිරීමේදී සාමාන්‍යයෙන් අයකෙරෙන ගාස්තුව කපාහැරීම වැනි තවත් ප්‍රතිලාභ රාශියක්ද, මෙම අවබෝධතා ගිවිසුම ඔස්සේ DFCC බැංකුව වෙතින් ගනුදෙනුකරුවන්ට හිමිවනු ඇත. මේ සියල්ල, බොහෝ දෙනෙකුට තම නිවාස සිහින සැබෑකරගැනීමට මහෝපකාරී වනු නොඅනුමාන ය.

රටේ සෑම දෙනාටම සහනදායී ලෙස නිවාස මිලදී ගැනීමට අවස්ථාව තිබිය යුතු බවත්, එය ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා අතිශයින් වැදගත් වන සාධකයක් බවත් DFCC බැංකුව දැඩිව විශ්වාස කරයි. තම නිවාස සිහිනය සැබෑ කරගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය නොමැති වීම, මෑතකාලීනව බොහෝ දෙනෙකු මුහුණ දෙන ගැටලුවක් බව පෙනී ගිය බැවින්, මේ ආකාරයේ සුවිශේෂී නිවාස ණය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ.

“මෙවැනි සහනදායී නිවාස ණය පහසුකමක් හඳුන්වා දීම සඳහා JAT Living සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් නිවාස මිලදී ගැනීමට හැකියාව ලැබීම, ශක්තිමත් ආර්ථිකයක් බිහිකිරීම සඳහා DFCC බැංකුව දරන උත්සාහය තව-තවත් දිරිගන්වන සාධකයක් වේවි. මෙම හවුල්කාරීත්වය, බැංකු ක්ෂේත්‍රය තුළ මෙන්ම පොදු ජනතාව වෙනුවෙන් පුළුල් මට්ටමින් ආර්ථික හා සමාජයීය වටිනාකම් නිර්මාණය කරන හවුල්කාරීත්වයක් වනු ඇතැයි කියා අප සිතනවා. එමෙන්ම මෙය සියලුම දෙනා වෙත ප්‍රතිලාභ සලසන තිරසාර හා ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් DFCC බැංකුව සතු දීර්ඝකාලීන ක්‍රමෝපායේ තවත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකියි.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ මූල්‍ය සේවා) ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.

Post Views: 14
Previous Post

රසායනික පොහොර ගෙන්වීමට මැලිකමක් දක්වන්නේ විකුණගන්න බැරි වෙයි කියලායි – රාජ්‍ය ඇමැති දුමින්ද

Next Post

මාතලේ මහ ඉඩම් මංකොල්ලයක් සිදු වෙනවා – මාතලේ ප්‍රාදේශිය සභා සභාපති

editor

editor

Next Post

මාතලේ මහ ඉඩම් මංකොල්ලයක් සිදු වෙනවා - මාතලේ ප්‍රාදේශිය සභා සභාපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රවීණ ඕස්ට්‍රේලියානු  ගුවන් විදුලි නිවේදක  ජේම්ස් වැලන්ටයින්  අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි නිවේදක ජේම්ස් වැලන්ටයින් අභාවප්‍රාප්ත වෙයි

23 April 2026
හිටපු පිලිපීන ජනාධිපති ඩියුටර්ටේ  නිදහස් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය  ප්‍රතික්ෂේප කරයි

හිටපු පිලිපීන ජනාධිපති ඩියුටර්ටේ නිදහස් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප්‍රතික්ෂේප කරයි

23 April 2026
පොලිස්පති උපදෙස් මත  දිවයින පුරා විශේෂ මෙහෙයුමක්  සැකකරුවන් රැසක් අත්අඩංගුවට

පොලිස්පති උපදෙස් මත දිවයින පුරා විශේෂ මෙහෙයුමක් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

23 April 2026
මයික්‍රොසොෆ්ට් සමාගම  Cursor AI ආයතනය  මිලදී ගැනීමේ අදහස අත්හරියි

මයික්‍රොසොෆ්ට් සමාගම Cursor AI ආයතනය මිලදී ගැනීමේ අදහස අත්හරියි

23 April 2026

Recent News

මයික්‍රොසොෆ්ට් සමාගම  Cursor AI ආයතනය  මිලදී ගැනීමේ අදහස අත්හරියි

මයික්‍රොසොෆ්ට් සමාගම Cursor AI ආයතනය මිලදී ගැනීමේ අදහස අත්හරියි

23 April 2026
කියෝබෝ ලයිෆ්ප්ලැනට්  සිය Laplay වේදිකාව  AWS වෙත ගෙන යයි

කියෝබෝ ලයිෆ්ප්ලැනට් සිය Laplay වේදිකාව AWS වෙත ගෙන යයි

23 April 2026
ඔරකල් සහ ගූගල් ක්ලවුඩ් එක්ව  දත්ත පද්ධති සඳහා  නව AI සහායකයෙකු හඳුන්වා දෙයි

ඔරකල් සහ ගූගල් ක්ලවුඩ් එක්ව දත්ත පද්ධති සඳහා නව AI සහායකයෙකු හඳුන්වා දෙයි

23 April 2026
ගූගල් සමාගමේ  නව කේතකරණයෙන් සියයට 75ක්ම  දැන් කෘතිම බුද්ධිය මගින් සිදු කෙරේ

ගූගල් සමාගමේ නව කේතකරණයෙන් සියයට 75ක්ම දැන් කෘතිම බුද්ධිය මගින් සිදු කෙරේ

23 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු පිලිපීන ජනාධිපති ඩියුටර්ටේ  නිදහස් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය  ප්‍රතික්ෂේප කරයි

හිටපු පිලිපීන ජනාධිපති ඩියුටර්ටේ නිදහස් කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය ප්‍රතික්ෂේප කරයි

23 April 2026
පොලිස්පති උපදෙස් මත  දිවයින පුරා විශේෂ මෙහෙයුමක්  සැකකරුවන් රැසක් අත්අඩංගුවට

පොලිස්පති උපදෙස් මත දිවයින පුරා විශේෂ මෙහෙයුමක් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved