27 April 2024
#දේශීය

මාතලේ මහ ඉඩම් මංකොල්ලයක් සිදු වෙනවා – මාතලේ ප්‍රාදේශිය සභා සභාපති

මාතලේ දිස්ත්‍රික්කය තුළ මහා පරිමාණයේ රජයේ ඉඩම් පිටස්තර පුද්ගලයින්ට ලබා දිමේ මාෆියාවක් හා ඉඩම් මංකොල්ලකැමක් සිදු වන බව මාතලේ ප්‍රාදේශිය සභාවේ සභාපති(ශ්‍රි ලං.පො.පෙ) කපිල බණ්ඩාර හේන්දෙණිය මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ පලාපත්වල පිහිටි ප්‍රාදේශිය සභා රැස්විම් ශාලාවේදි පැවති මාසික මහ සභා රැස්විමේදි ප්‍රකාශයක් කරමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු හේන්දෙණිය මහතා මෙසේ කියා සිටියේය “2013 වසරේ සිට ප්‍රාදේශිය සභාව සදහා පරිසර වැඩසටහන් සිදු කිරිම සදහා අක්කර 5ක් ඉල්ලනවා.නමුත් තාම දෙන්නේ නැහැ.අපි ඉඩම් මැනිම් කටයුතු පවා සිදු කළා.ඒ සදහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් වැය කළා.නමුත් වැඩක් වුණේ නැහැ.අපි අවුරුදු ගණානාවක් තිස්සේ රජයේ වැඩකට ඉල්ලුවාම වෙනත් නිති දානවා.නමුත් මාසියක් ඇතුළත සියලු ලිපි ලේඛන හදලා දෙනවා.අපි ළගට එන්නේ වෙලද බලපත්‍රය ගන්න විතරයි.සියලු දේ කොළිමන් කරගෙන තියෙන්නේ.පසුගිය ආණ්ඩුව කාලයේදිත් මේක වුණා.මේ ආණ්ඩුවෙත් මේ දේ වෙනවා.මේ එල්ආර්සි එකේ මහා පරිමාණ ඉඩම් විකිණිමේ මාෆියාවක් සිදු වෙනවා.මාතලේ අප ප්‍රදේශයේ පමණක් නොව දිස්ත්‍රික්කය පුරාම ඉඩම් මංකොල්ලයක් සිදු වෙනවා.අහිංසක මිනිස්සු ජිවත්වෙන්න පර්චස් 10ක් ඉල්ලා ගියාම රටේ නැති නිති කියනවා.නමුත් දේශපාලන හයිය,මුදල් යහමින් තියන අයට මේ නිති මොකවත් නැහැ.අපේ තියව වටිනාම ඉඩම් ලබා දෙනවා.මේ සදහා ඇතැම් රාජ්‍ය නිලධාරින්ද සම්බන්ධයි.මේ රටේ දේශපාලනඥයින්ට පමණක් හොරකම් කරන්න බැහැ.ඒ සදහා රාජ්‍ය නිලධාරින්ද හවුල් වෙනවා.මේ පිළිබදව කතා කරන්න කවුරුත් බයයි ” යැයිද ඒ මහතා පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *