• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ශ්‍රී ලංකාවේ Uber සේවාවට වසර 6 ක් සපිරේ….

14 December 2021
in ව්‍යාපාර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

Uber සේවාවන් ශ්‍රී ලංකාව තුළ ආරම්භ වී මේ වනවිට වසර 6 ක් සම්පූර්ණ වී තිබේ. ශ්‍රී ලාංකිකයන්ට ලාභදායී, පහසු හා සුරක්ෂිත ප්‍රවාහන පහසුකම් සැපයීමේ අරමුණින් Uber සේවාවන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි.

මෙම සංවත්සරයට සමගාමීව, පසුගිය වසර 2 ක කාලය තුළ COVID-19 හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රු. මිලියන 337 කට අධික ආයෝජනයන් සමගින් ප්‍රජා සත්කාර රාශියක් ක්‍රියාවට නැංවීමටද Uber පියවර ගෙන තිබේ. එමෙන්ම වරින්වර පනවන ලද සංචරණ සීමාවන් හේතුවෙන් බලපෑමට ලක් වූ Uber රියදුරන්ට අත්වැලක් වීම සඳහා රු. මිලියන 250 ක මුදලක් ආයෝජනය කිරීමටද සමාගම කටයුතු කර ඇත.

COVID-19 හේතුවෙන් ඇති වූ බලපෑම් අවම කරමින් රට නැවත ගොඩනැංවීම සඳහා හැකි උපරිමයෙන් දායක වීමට Uber කැපවී සිටී. මෙම කාලය තුළ තම රියදුරන්ගේ සහ කුරියර් සේවා හවුල්කරුවන්ගේ ආරක්ෂාව සඳහා, රු. මිලියන 20.5 ක වටිනාකමින් යුත් පෞද්ගලික ආරක්ෂක උපාංග සහ උපකරණ බෙදාදෙන ලදි. පසුගිය වසර තුළ මුහුණු ආවරණ, පවිත්‍රකාරක හා විෂබීජ නාශක නොමිලේ බෙදාදීමටත්, මෝටර් රථ සහ ත්‍රිරෝද රථ 4,000 කට අධික සංඛ්‍යාවක ආරක්ෂක තිර සවිකිරීමටත් Uber කටයුතු කළේ ය.

එමෙන්ම රු. මිලියන 66.5 ක ආයෝජනයක් සමගින් දේශීය රාජ්‍ය නොවන සංවිධාන සමග අත්වැල් බැඳගෙන, විවිධ දුෂ්කරතා වලට මුහුණ දී සිටි ජනතාව අතර වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමත්, එන්නත් ලබාගැනීමට යන ජනතාවට නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීමත් සිදුකරන ලදි. මේ අතරින් ශ්‍රී ලංකා රතුරුකුරුස සංවිධානය සමග අත්වැල් බැඳගෙන, ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් නොමිලේ ලබාදෙන ලද ප්‍රවාහන පහසුකම් වල වටිනාකම රු. මිලියන 25 ක් විය. එමෙන්ම සාමාන්‍ය ජනතාවට එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත යාම සඳහා රු. මිලියන 11 කට අධික වටිනාකමකින් යුත් ගමන් වාර සංඛ්‍යාවක් නොමිලේ ලබාදෙන ලදි.

Uber 6 වැනි සංවත්සරය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේ පැවසී ය. “ශ්‍රී ලංකාවේ වසර 6 ක කාලයක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් මා Uber සමාගමට සුබපතනවා. එමෙන්ම, ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය සමග අත්වැල් බැඳගෙන, ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් සහ අවදානමට මුහුණ දී සිටි ප්‍රජාවන් වෙනුවෙන් ගමන් වාර 50,000 ක් පිරිනමමින්, COVID-19 අභියෝගයට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදුන් අත්වැල වෙනුවෙන් මා එම සමාගමට ස්තූතිය පළකිරීමට කැමතියි. මෙවැනි දුෂ්කර කාලයකදී තීරණාත්මක සහයෝගයන් ලබාදෙමින් Uber ඉටුකළ මෙහෙවර ප්‍රශංසනීයයි.”

2015 වසරේදී ශ්‍රී ලංකාව තුළ Uber සේවාවන් ආරම්භ වීමත් සමග එය ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම ප්‍රවාහන සේවා විසඳුමක් බවට පත්විය. මේ වනවිට Uber, ශ්‍රී ලාංකික රියදුරන් හා මගීන් මිලියන 2.4 කට අධික පිරිසකට සේවාවන් සලසා තිබේ.

“පසුගිය වසර 6 ක කාලය තුළ අප අත්කරගත් ජයග්‍රහණ සහ, ජනතාවට අපගෙන් ලැබුණු සේවාවන් සම්බන්ධයෙන් අපට ආඩම්බර වීමට පුළුවන්. අප සමග සම්බන්ධ වී සිටින රියදුරන්ට සහ, අපගේ සේවාවන් භාවිතා කළ මගීන්ට මා මුලින්ම ස්තූතිවන්ත වෙනවා. ඔවුන්ගේ සහයෝගය නොතිබුණා නම් අපට මෙතරම් දුරක් පැමිණීමට හැකිවන්නේ නැහැ. කෙසේ නමුත් මෙය අපගේ ගමනේ ආරම්භය පමණයි. ඉදිරි වසර වලදී තවත් සුවිශේෂී සන්ධිස්ථාන රාශියක් පසුකර යාමට අපට හැකිවේවි. ජනතාවට එන්නත් ලබාගැනීම සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සැපයීම, වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම, රියදුරන්ට පෞද්ගලික ආරක්ෂක උපාංග ලබාදීම සහ නව ජීවනෝපාය මාර්ග නිර්මාණය කිරීම වැනි ක්‍රම රාශියක් ඔස්සේ රටේ ඉදිරි ගමනට දායක වීමට අප නිරන්තරයෙන් සූදානමින් සිටිනවා.” Uber Sri Lanka ප්‍රධානී තනුෂිකා සිවනාදන් මහත්මිය පැවසුවා ය.

මේ වනවිට COVID-19 නිසා ඇති වූ බලපෑම පහව යමින්, රට නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව Uber විශ්වාස කරන අතර, දහස් ගණනක් වූ ශ්‍රී ලාංකිකයන් පිරිසකට ක්ෂුද්‍ර-ව්‍යවසායකත්ව අවස්ථාවන් ලබාදෙමින් එම පුනර්ජීවනයට අත්වැලක් වීම සඳහා Uber කැපවී සිටී.

Post Views: 12
Previous Post

ධිවර නිෂ්පාදනය සංවර්ධනය කරන බව ධිවර ඇමැති පවසයි

Next Post

පූජාපිටිය ඊ-නැණ පියස තොරතුරු මධ්‍යස්ථානය ජන අයිතියට පත් කරයි

editor

editor

Next Post

පූජාපිටිය ඊ-නැණ පියස තොරතුරු මධ්‍යස්ථානය ජන අයිතියට පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved