27 April 2024
#දේශීය

පූජාපිටිය ඊ-නැණ පියස තොරතුරු මධ්‍යස්ථානය ජන අයිතියට පත් කරයි

පූජාපිටිය ඊ-නැණ පියස තොරතුරු මධ්‍යස්ථානය ජන අයිතියට පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (10) සිදුවිය.

මෙම ඊ-නැණ පියස විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව පූජාපිටිය නගර මධ්‍යයේ පිහිටි පූජාපිටිය ප්‍රාදේශීය සභාවට අයත් කඩ කාමරයක් විවෘත කිරීම ද සිදු වු අතර, විවෘත කිරීම් අවස්ථා වලින් අනතුරුව පැවති වැඩසටහනේදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා ප්‍රකාශ කර සිටියේ, කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීමේ මෙහෙයුමේදී ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් ප්‍රමුඛ පළාත් පාලන ආයතන සියල්ලන්ගෙන් විශාල සහායක් ලැබූ බවයි.

කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේ මධ්‍යම පළාත තුල එන්න්තරකරණයේ තෙවන මාත්‍රාව ලබා දීම මේ වන විට මාත‍ලේ දිස්ත්‍රීක්කයෙන් ආරම්භ කර ඇති බවත්, ඉදිරියේදී අවධානම් ප්‍රමුඛතාවය අනුව මධ්‍යම පළාතේ සියලු දෙනාට තෙවන මාත්‍රාව ලබාගැනීමට හැකියාව ඇති බවයි.

මෙම වැඩසටහනනේ අනතුරුව, පළාත් ආණ්ඩුකාරවරයාගේ පදවි ප්‍රාප්තියෙන් දෙවසරක් සපිරිම නිමිතිකොට ගෙන ආණ්ඩුකාරවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද සිදුවිය. මෙම අවස්ථාවන් සදහා පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර ප්‍රනාන්දු මහතා ඇතුළු මහජන නියෝජිතයින්, මධ්‍යම පළාත් සභාවේ න‍ියොජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) මංජුලා මඩහපොල, පළාත් පාලන කොමසාරිස් මේනක හේරත්, මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිළධාරී එස්.බී.රත්නායක ඇතුළු පිරිසක් ද එක් ව සිටියේය.

 

මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *