• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දෙවැනි මහ බැංකු මංකොල්ලය ගැන මහාචාර්ය G.L පිරිස් ගෙන් අනාවරණයක්

7 May 2024
in දේශීය, පුවත්
නව ජනාධිපති නොවැම්බර් 17 ට පෙර දිවුරුම් දිය යුතුයි – මහාචාර්ය ජී.එල්.පීරිස්

වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය ආයතනයකට පැවරීම සම්පූර්ණයෙන් නීති විරෝධි ක්‍රියාවලියක් බවත් එය රටේ සිදුවුණ දෙවැනි මහ බැංකු මංකොල්ලය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය G.L පිරිස් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (07) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එමෙන්ම ආගම විගමන පනත අනුව ශ්‍රී ලංකාකියන්ගේ විදෙස් ගමන් බලපත්‍රය සැකසීමේ කටයුතු තෙවැනි පාර්ශ්වයකට ලබාදීමට බලයක් නැති බවත් එසේ සිදුකරනවානම් ආගම විගමන පනත සංශෝධනය කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් පී.වී ගුණතිලක මහතා පත්කළ ඇගයීම් කමිටුව පවසා ඇති බවත් මහාචාර්ය G.L පිරිස් මහතා කියා සිටියේය.

වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය GBS Technology Services & IVS Global කියන සමාගමට පැවරීම හරහා වාර්ශිකව එම සමාගමට ඩොලර් මිලියන 46 ක් (කෝටි 1350 ක) ලාභයක් ලැබෙන බවත් මහාචාර්ය G.L පිරිස් මහතා සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය G L පිරිස් මහතා ” වීසා අර්බුදය ගැන රටපුරාම කතාබහක් ඇතිවෙලා තිබෙනවා. මේක දෙවැනි මහ බැංකු මංකොල්ලය. අවස්ථාවත් එකවගේමයි. අරමුණත් එකවගේමයි. අවුරුදු 9 කට පෙර 2019 දී යහපාලන රජයේ අගමැති ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහ බැංකුව මහ දවල් මංකොල්ල කෑවා. මැතිවරණය සඳහා මුදල් සොයා ගැනීම සඳහා තමයි මහ බැංකුව මහ දවල් මංකොල්ල කෑවේ. වර්තමානයේ ජනාධිපතිවරණය පැමිණෙනවා. ඒ සඳහා මුදල් සොයාගැනීමට නොයෙක් නොයෙක් උපක්‍රම භාවිතා කරනවා. ඒ මුදල් ප්‍රමාණය ජනතාවගෙන් කොල්ල කෑමට තමයි වීසා අර්බුදය සැලසුම්සහගතව සංවිධානය කරලා තිබුණේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසා නිකුත් කළා. එහිදි කිසිදු ගැටලුවක් ඇතිවුනේ නෑ. ක්‍රමාණුකූලව ඒ වැඩකටයුතු සිදුවුණා. ඒක මුලික වශයෙන් වෙනස් කිරිමේ අවශ්‍යතාවයක් තිබුණේ නෑ. නමුත් රජය විසින් හදිසියේම වීසා ලබාදෙන වැඩපිළීවෙල වෙනස් කළා. ඊට පස්සේ තමයි විසා අර්බුදය පටන් ගත්තේ. වීසා සැකසිමේ බලය GBS Technology Services & IVS Global කියන සමාගමට පවරලා දුන්නා. ඒ අනුව විශාල මුදලක් ඒ සමාගමට ගෙවන්න ඕන. සේවා ගාස්තු ලෙස ඩොලර් 18.50 පහසුකම් ගාස්තු ඩොලර් 7.20 ක් ගෙවන්න ඕන. ඒ අනුව සෑම විසාවකටම ගෙවන්න ඕන ඩොලර් 25.70 ක්.

අපේ රටට ඇතුළු විම සඳහි විසා එකක් ඉල්ලන ඕනෑම කෙනෙක්ට මේ අමතර මුදල ඩොලර් 25.70 ක් ගෙවන්න සිදුවෙනවා. මීට පෙර එම මුදල ගෙවන්න සිදුවුණේ නෑ. අලුත් තීරය නිසා රටට එන සංචාරකයන්ට ඩොලර් 25.70 ක් ගෙවන්න සිදුවෙනවා. රජය තක්සේරු කරනවා අවුරුද්දකට සංචාරකයන් මිලියන 2 ක් පැමිණෙයි කියලා. ඒ අනුව ලැබුවාම වාර්ශිකව GBS Technology Services & IVS Global කියන සමාගමට ලැබෙනවා වාර්ශිකව ඩොලර් මිලියන 46 ක්. ලංකාවේ මුදල් වලින් කෝටි 1350 ක්. විදේශීය සමාගමට වාර්ශිකව සල්ලි වරුසාවක් ලැබෙනවා. GBS Technology Services & IVS Globalකියන සමාගමට විශාල ධනස්කන්දයක් ලබාගැනීමට ආණ්ඩුව මාර්ගය සකසා දෙනවා.

මේ සම්බන්ධයෙන් කැබිනට් තීරණයක් තිබෙනවා කියලා රජය කියනවා. නමුත් සංචාරක ඇමැතිවරයා කියනවා ඒ ගැන දන්නේ නෑ කියලා. කැබිනට් මණ්ඩලය තිරණයක් ගත්තත් ඒ සම්බන්ධයෙන් විනිවිධභාවයක් තිබිය යුතුයි. නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඒ සම්බන්ධයෙන් තිබිය යුතුයි. GBS Technology Services & IVS Global කියන සමාගම තවත් රටවල මෙම කටයුත්ත සිදුකරනවා. නමුත් වීසා සකසන එකම සමාගම මොවුන් නෙවෙයි. SLT Mobitel සමාගමේ සිටිනවා ඉහළ සුදුසුකම් තිබෙන ඉංජිනේරුවන් 600 කට වඩා සිටිනවා. ඒ සමාගමටත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළු වෙන්න අවස්ථාවක් ලබාදෙන්න තිබුණා. අඩු මුදලික් ගුණාත්මක සේවාවක් ලබාදෙන්නේ කවුරුන්ද කියලා ඒ අනුව සොයා බලන්න පුලුවන්. නමුත් එසේ සිදුකළේ නෑ.

වීසා සැකසිමේ බලය GBS Technology Services & IVS Global කියන සමාගමට පැවරිම හරහා අවාසි 4 ක් සිදුවුණා. වීසා ලබාගැනීමට වැඩිපුර මුදලක් ගෙවන්න සිදුවීම. සංචාරක ක්ශ්‍රේත්‍රයේ තිබෙන්නේ තරඟකාරි තත්ත්වයක්. බොහො කාලයකට පසුව ලංකාවේ සංචාරක කර්මාන්තය නැගී සිටින්න උත්සහ කරන මොහොතක් තිබෙන්නේ. රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්න සංචාරක කර්මාන්තය හැකියාවක් ලැබිලා තිබෙනවා. එසේ තිබියදී ලංකාවට එන සංචාරකයන්ගේ වීසා ගාස්තුව වැඩි කරනවානම් ඒකෙන් වෙන්නේ සංචාරක කර්මාන්තයට බාධාවක්. වීසා ලබාගැනීමේ ව්‍යාකූල සංකීරණ නිසා සංචාරකයන්ට ලංකාවට පැමිණීම දුක්ෂකර වෙනවා. ඒ හරහා සංචාරක කර්මාන්තයට අසීරු තත්ත්වයක් ගොඩනැගෙනවා. රටේ ආරක්ෂාවට විශාල බලපෑමක් සිදුවෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඇගයීම් කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ කමිටුව වගකිමක් තිබෙන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සැදුම්ලත් ඇගයීම් කමිටුවක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් පත් කරලා තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් පී වී ගුණතිලක විසින් ඇගයීම් කමිටුව පත් කරනු ලැබු කමිටු. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් ටී වී ඩී දමයන්ති එස් කරුණාරත්න, ආගමන විගමන පාලන ජනරාල් අයි එස් එච් ජේ ඉලුක්පිටිය, රාජ්‍ය පරිපාන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චම්පික රාමවික්‍රම, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී එම් පී ඩී පී පතිරණ සහ මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම් ආර් ජී ඒ මුතුකුඩ යන මහත්ම මහත්මීය එම කමිටුවේ සාමාජිකයෝය. මේ ඇගයිම් කමිටුව පත් කරන්නේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට. වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය තුළින් සංවේදී තොරතුරු විදේශීය සමාගමට ලැබෙන බව මෙම කමිටුවේ නිලධාරින් කියනවා.

වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන් නීති විරෝධියි. එය ශ්‍රී ලංකා නීතියට පටහැනි වැඩපිළි‍වෙළකට තමයි රජය අවතීර්ණය වෙලා තිබෙන්නේ. ඒ සඳහා ආගම විගමන පනත අනුව ශ්‍රී ලංකාකියන්ගේ විදෙස් ගමන් බලපත්‍රය සැකසිමේ කටයුතු තෙවැනි පාර්ශ්වයකට බලයක් නැති බවත් එසේ සිදුකරනවානම් ආගම විගමන පනත සංශෝධනය කළ යුතු බව ඇගයිම් කමිටුව පවසනවා. ආණ්ඩුව විදේශීය සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවා. ගිවිසුම අනුව විශාල මුදලක් විදේශීය සමාගමට ගෙවන්න ආණ්ඩුව බැඳි සිටිනවා. මේ ගිවිසුම ක්‍රියාත්මක වන ගිවිසුමක්නම් විදේශීය සමාගමට අයිතිවාසිකමක් ලැබෙනවා. ගිවිසුම වෙනස් කරනවානම් කවුද වන්දි ගෙවන්නේ. කවුද ඒ වන්දිය ගෙවන්නේ. විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂය සහ මහජනතාව මැදිහත්වුණ නිසා රජයට මේ මංකොල්ලය කරන්න නොහැකි වුණා.

වීසා ප්‍රශ්නය ගැන රජයේ නිලධාරින් මතයක් ප්‍රකාශ කරනවානම් ඔවුන්ට දඩුවම් කරන බව ආණ්ඩුව කියනවා. බයකරලා මර්දනය කරලා හොරකම් කිරිමේ වැඩපිළිවෙලක් තමයි රජය සකස් කරන්න යන්නේ. මේ මහජන මුදල් මේ ආකාරයට විනාශ කරන රජයේ මගඩිය ගැන රජයේ නිලධාරින් හෙළි කරනවානම් ඒ නිලධාරින් වෙනුවෙන් විපක්ෂය පෙනී සිටිනවා.” යැයි මන්ත්‍රී මහාචාර්ය G.L පිරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 21,927
Previous Post

ඩයනාගේ මෙරට පුරවැසිභාවයේ නඩු තීන්දු හෙට

Next Post

ඩයනාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

editor ttvnews

editor ttvnews

Next Post
ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කිරීමට කටයුතු සූදානම් – රාජ්‍ය අමාත්‍ය ඩයනා

ඩයනාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved