27 April 2024
#දේශීය

අතට ලැබුණ නිධානයට පයින් ගසන බහිරවයන්ට උදයංගගෙන් ලියුමක්

යුක්රේනියානු සංචාරකයන් එපා කියපු බහිරවයෝම අද අතට ලැබුණු නිධානයට පයින් ගසන බව රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයාංග වීරතුංග මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර සිටියේ කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ සංචාරකයින් සඳහා නැවත රට විවෘත කිරීමේ අභියෝගය සාර්ථක කර ගැනීමේ මුඛ්‍ය පරමාර්ථයේන් යුක්රේනියානු සංචාරකයන් මෙරටට රැ‌ගෙන ආ බවයි.

 

රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයාංග වීරතුංග මහතා මාධ්‍ය වෙත යොමු කල ලිපිය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

 

වසරකට පෙර “සංචාරක නියමු ව්‍යාපෘතිය” ක්‍රියාත්මක නොකළ යුතු බව ලිඛිතව දැන්විය

දෛවය සරදම් කරමින් මිට වසරකට කලින් 2020 දෙසැම්බර් 26 දින, කොරෝනා වසංගතය මුවාවෙන් සංචාරක ක්‍ෂේත්‍රය හසුරවන බලධාරීන් ලිඛිතව මෙසේ ඉල්ලා සිටි බව සංචාරක කර්මාන්තයේ නියුතු ලක්ෂ 30 ක් පමණ වූ ශ්‍රමිකයන් හට මතක්කර සිටිමි. “උදයංග වීරතුංග ට මෙම යෝජනාව ඵලදායී ලෙස හැසිරවිය නොහැකි බැවින් ‘නියමු ව්‍යාපෘතිය’ ඉදිරියට ගෙන නොයා යුතුබව සංචාරක මණ්ඩලයේ අදහසයි.” එසේ යුක්රේනියානු සංචාරකයන් එපා කියපු බහිරවයෝ හරියට ම වසරකට පසු දෙසැම්බර් 26 දිනම කරන චෝදනා, මගේ ඒ අමිහිරි මතකය අවදිකළේය..
රාජ්‍යතාන්ත්‍රික නියෝජිතායතයෙක් වශයෙන් රුසියාවේ ශ්‍රිලංකා තානාපති ලෙස වසර 09 ආසන්න කාලයක්‌ රටට සේවය කිරීම් නිසාම, එදා මා දේශපාලන පළිගැනීම් හා චෝදනා වලට ලක්වීය. එසේ නමුත් සංචාරක ශේෂ්ත්‍රයේ ප්‍රගතිය උදෙසා මාගේ සේවයෙන් පැරණි සෝවියට් රාජ්‍ය වලින් වසරකට ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමණය 4254 සිට 2014 වර්ෂයේදි 120,056 දක්වා 2800% ප්‍රතිශතයක් වැඩි කරමින් ඍජුව මා කල සංචාරක ප්‍රවර්ධන කටයුතු නිසා රටට ලැබුණු විදේශ විනිමය වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 200 ඉක්මවා තිබු අතර, එහි ප්‍රතිලාභ අදත් අප රටට ලැබෙන අතරම මා ලබාගත් අත්දැකීම් හා සබදතා කිසිදු අඩුවක් නොමැති බව කිවයුතුය.
දැනටමත් මාස 81 වැඩි කාලයක් නොකඩවා යමපල්ලගේ දේශපාලන පළිගැනීම් වලින් පීඩාවට ලක්වි සිටින මා හට සාධාරණ විසදුමක් ලබාදීමට, රටට ලැබෙන මෙම ආර්ථික වාසිය තුලම, මාගේ ප්‍රශ්නයට රජයට පිළිතුරු ඇති බව විශ්වාස කරමි.
මෙම කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ සංචාරකයින් සඳහා නැවත රට විවෘත කිරීමේ අභියෝගය සාර්ථක කර ගැනීමේ මුඛ්‍ය පරමාර්ථයේන් 2020 දෙසැම්බර් මස 28 දා යුක්රේනියානු සංචාරකයන් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපලට රැගෙන ආ බව බහිරවීයට මතක්කර දෙමි.
‘සංචාරක බුබුල’ පිළිබඳ සංකල්පය යටතේ එසේ එදා සිට අද දක්වාම ගුවන්යානා 94 කින් මෙරට පැමිණි යුක්රේනියානු, කසාක්ස්තානු, රුසියානු හා බල්ගේරියානු සංචාරකයින් ප්‍රමාණය 16,000 ආසන්න වන අතර ඔහුන් නිරෝගී බව PCR පරික්ෂණ වලින් සනාථ වී ඇත. එදා සංචාරකයන් ට පැමිණීමට බාධා කරන නියාමනය පනවා තිබුණේ කොමිස් මුදල් නිසා බව සනාථ කරමින් කොවිඩ්-19 රක්ෂණයක් අනිවාර්ය කර ඇත. එහිදී සංචාරකයා ගෙවන ඩොලර් 12 න් ඩොලර් 3.50 ක් මණ්ඩලයේ ගිණුමට බැර කළයුතු බව බහිරවිය පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමට ජනවාරි 07 දා ලිඛිත දැන්වීමට හේතුව ලංකාවාසී ජනතාව තේරුම් ගත යුතුය.
අද අසල්වැසි මාලදිවයින රාජ්‍යයේ සංචාරක කර්මාන්තය අත්කරගෙන ඇති සාර්ථකත්වය අපට යථාර්ථය තේරුම් ගැනීමට කදිම නිදසුනකි. මෙම වසරේ දෙසැම්බර් 20 දිනට මාලදිවයිනට සංචාරකයන් 1,261,933 පැමිණි ඇති අතර එම කාලයේදී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ථ සංචාරක එකතුව 150,000 ආසන්න අතර එයින් ද බහුතරයක් නිරෝධන සදහා මෙහි පැමිණි ශ්‍රමිකයන්ය. එසේ රටට ගලා ආ යුතු ඩොලර් බිලියන අහිමි වීමට හේතුව ද බහිරවිය යකැදුරාට මෙල්ල නොවීමය.
කොරෝනා වසංගත සමයේ වුවත් මාලදිවයින රජයට නිවරදි තීන්දු තීරණ ගන්න පුලුවන් වුනේ එරටට සංචාරක හිතකාමී වාතාවරණයක් සැදීමට හැකි වීමත් අපේ යකැදුරාන්ට නොහැකිවීමත් මා දකින්නේ, අතට ලැබුණු නිධානයට පයින් ගැසීමක් ලෙසය.

උදයාංග වීරතුංග – රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *