27 April 2024
#දේශීය

ඌණ සේවා උපාධිධාරීන්ට සුදුසු රැකියාවන්හි නියුක්ත කිරීමේ වැඩපිළිවෙලක්

ඌණ සේවයේ නියුතු උපාධිධාරීන්හට සහන සැලසීම සදහා මධ්‍යම පළාත් සභාවේ අවධානය යොමු කර ඇති බවත් සංගණනයක් කර අදාල තොරතුරු ලබා ගැනීම සිදුකරන ලෙසත් එමගින් ඔවුන්ගේ දැනුම හා කුසලතා නිසි ලෙස පළාතේ සංවර්ධනයෙහිලා යොදා ගත හැකි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාවර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා කියා සිටියේ අදාළ ගැටලු සම්බන්ධයෙන් තමාගේ අවධානය යොමු ව ඇති බවත් ඒ අනුව , ගුරු ස්ථාන මාරු ගැටලු, විෂායනුබද්ධ ගුරු හිගය, මානව සම්පත් කළමනාකරණය වඩා කාර්යක්ෂම අයුරින් ක්‍රියාවට නැංවීම සදහා සැලසුම් සකස් කිරීම, පළාතේ ඇතැම් තනතුරු සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වයන් සදහා කඩිනම් විසදුම් ලබාදීම වැනි කරුණු සම්බන්ධයෙන් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡා කළ බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ පළාත තුල රාජ්‍ය සේවය වඩා කාර්යක්ෂම අයුරින් පවත්වා ගැනීම සදහා විධිමත් සැලසුම් සකස් කර උපක්‍රමික අයුරින් කටයුතු කිරීම වැදගත් වන බවත් නිවැරදි තීරණ නිවැරදි වේලාවට ගැනීම වැදගත් බවය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *