• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එන්නත ගැන ජවිපෙන් බරපතල චෝදනාවක්

5 April 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඖෂධ නියාමන අධිකාරිය අනුමත නොකළ එන්නත ලබාදීමට ආණ්ඩුව තීරණ කළොත් එය බරපතල තත්වයක් බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඒ මහතා ඊයේ (04) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ කොවිඩ් වසංගතය සඳහා ලෝකයේ දැනට සොයාගෙන තිබෙන පිළිගත් සහ එකම විසඳුම එන්නත්කරණය වුවද එය භාවිතයේදී පරිස්සම් විය යුතු බවයි.

 

වෛද්‍ය නලින්ද ජයතිස්ස කල පැහැදිලි කිරීම සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

 

කොවිඩ් වසංගතය සඳහා ලෝකයේ දැනට සොයාගෙන තිබෙන පිළිගත් සහ එකම විසඳුම එන්නත්කරණයයි. කොවිඩ් වසංගතය පාලනය කිරීමටත් මරණ සංඛ්‍යාව පාලනය කර ගැනීමටත් වඩාත් යෝග්‍ය විසඳුම එන්නතයි.

එන්නතක් නිෂ්පාදනය කිරීම විද්‍යාත්මක පදනමක් මත සිදුකළ යුතු සංකීර්ණ සහ දීර්ඝකාලීන ක්‍රියාවලියක්. 2005දී පමණ ආ සාස් සඳහා වසර 15ක් පමණ ගතවීත් මේ වනතෙක් එන්නතක් නිෂ්පාදනය කර ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ඕනෑම එන්නතක් හෝ ඖෂධයක් මුලින්ම සායනික ක්‍රියාවලියකට ලක්කළ යුතුයි.

පරීක්ෂණාගාරවල සිදුවන පූර්ව සායනික ක්‍රියාවලිය සාර්ථක වුවහොත් පමණයි එම එන්නත හෝ ඖෂධය මිනිසුන්ට භාවිතා කරන්නේ. අදියර 1,2,3 ලෙස පියවර ගණනාවක් ඒ සඳහා පසුකළ යුතුව තිබෙනවා. ඒ වගේම ලෝකයේ පිළිගත් ආයතනයකින් ඒ පිළිබඳව සහතිකයක් ලබාගත යුතුව තිබෙනවා. එම සහතිකයෙන් පසුවද මිනිසුන්ට භාවිත කිරීමෙන් පසුව වෙනත් අතුරු ආබාධ තිබෙනවාදැයි පරීක්‍ෂා කරනවා.

කොවිඩ් සම්බන්ධයෙන් එන්නතක් පිළිබඳව සාකච්ඡාවක් මතුවූ පසුව ලෝක සෞඛය සංවිධානය විසින් ඒ පිළිබඳ නිර්දේශ මාලාවක් ඉදිරිපත් කළා. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ තමන්ගේ අනුමැතියට අමතරව අදාල රටේ ඖෂධ නියාමනය සම්බන්ධයෙන් තිබෙන ආයතනය විසින් එන්නත අනුමත කළ යුතු බවයි. ඒ වගේම එන්නත් ක්‍රියාවලිය අදාල රටේ ජාතික එන්නත්කරණ වැඩපිළිවෙළට අනුගතව සිදුකළ යුතු බවද පැවසුවා.

කෙසේ වෙතත් කොවිඩි පැතිරීමේ හදිසි තත්වය මත එම එන්නත් ක්‍රියාවලිය වේගවත් කරන්න ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළා. එමෙන්ම ඔවුන් අවධාරණය කළා, ලෝකයේ කොවිඩ් සම්බන්ධ සෑම එන්නතක් සඳහාම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබාගත යුතු බව.

මේ වනවිට අපේ රටට ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නත 1264,000ක් ලැබී තිබෙනවා. ලක්‍ෂ 5ක් ප්‍රදානයක් ලෙසද තවත් ලක්‍ෂ 5ක් මිලදී ගැනීම් වශයෙන්ද කොවැක්ස් පහසුකම යටතේ ඉතිරි එන්නත් ප්‍රමාණයද ලැබී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරන ආකාරයට එයින් එන්නත් 924,000ක් පමණ ජනතාවට ලබාදී තිබෙනවා.

මෙම කොවිෂීල්ඩ් එන්නත මාත්‍රා දෙකක් ලබාගත යුතුව තිබෙනවා. පළමු මාත්‍රාවෙන් පසු සති තුනකින් දෙවන මාත්‍රාව ලබාගත යුතු බව මුලින් පැවසුවා. ඉන් පසුව සති හයකින් ලබාගැනීම සුදුසු බවත් අනතුරුව සති දහයකින් හෝ දොලහකින් ලබාගැනීම ගැටලුවක් නැති බවත් අදාල සමාගම පවසන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අප්‍රේල් 19න් පසුව පළමු එන්නත ලබාගත් ජනතාවට දෙවන මාත්‍රාව ලබාදිය යුතුව තිබෙනවා. කෙසේ වෙතත් අප්‍රේල් 19න් පසුව දෙවන මාත්‍රාව ලබාදීම සඳහා මාසයක් ඇතුළත ලබාදිය යුතු එන්නත් ප්‍රමාණයවත් දැනට රට සතුව නැහැ. දෙවන මාත්‍රාව ලබාදීම අත්‍යාවශ්‍ය නිසා ආණ්ඩුව හැකි ඉක්මනින් මැදිහත් වී පළමු මාත්‍රාව ලබාදුන් සියලුම දෙනාට දෙවැනි මාත්‍රාව ලබාදිය යුතුයි. ඒවගේම රටේ අනෙකුත් ජනතාවටත් මෙම එන්නත ලබාදීමට කටයුතු කළ යුතුව තිබෙනවා. රෝග තත්වය පාලනය කිරීම සඳහා රටේ ජනගහනයෙන් 70%කටවත් එන්නත ලබාදිය යුතු වුවත් එන්නත් නිෂ්පාදනයේ තිබෙන අර්බුදය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ අවම වශයෙන් ජනගහනයෙන් 20%කටවත් එන්නත ලබාදිය යුතු බවයි. පළමු 3%ඉදිරි පෙළ සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් ඊළඟ 7% නිදන්ගත රෝග තිබෙන අයටත් ඊළඟ 10% අවුරුදු 60ට වඩා වැඩි අයටත් ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියා තිබෙනවා. නමුත් අපේ රටේදී දේශපාලන බලය, ඥාති හිතවත්කම්, දැන හැඳුනුම්කම මත තමයි එන්නත ලබාදෙන්නේ. මෙම මාත්‍රා දෙක ලබාදීමේදී එකම එන්නතකින් මාත්‍රා දෙකම ලබාදිය යුතුව තිබෙනවා. එනිසා මේ මොහොතේ ආණ්ඩුව කළ යුතුව තිබෙන්නේ කොවිෂීල්ඩ් එන්නතෙන් දෙවැනි මාත්‍රාව සඳහා අවශ්‍ය කරන එන්නත් ප්‍රමාණය ලබාගැනීමයි.

කෙසේ වෙතත් මේ වනවිට චීනයෙන් නිෂ්පාදනය කරන ලද සිනොෆාම් එන්නත පිළිබඳවත් ගැටලුවක් මතුව තිබෙනවා. එම එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණාද යන්න ප්‍රශ්නයක්. ඒ වගේම ජාතික ඖෂධ නියාමන අධිකාරිය වාර්තා කරන ආකාරයට මෙම එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැහැ. එන්නත පිළිබඳව අනුමැතිය ලබාදීමට තිබෙන ස්වාධීන ආයතනය වන්නේ ඖෂධ නියාමන අධිකාරියයි. ඖෂධ නියානම අධිකාරිය විසින් මෙම චීන එන්නත පිළිබඳ තීරණයක් ගැනීමට 08දෙනෙක්ගෙන් යුත් විශේෂඥ කමිටුවකට බාරදුන්නා. මෙම විශේෂඥ කමිටුව විසින්ම තමයි කොවිෂීල්ඩ් එන්නත සඳහා අනුමැතිය ලබාදුන්නේ. මෙම විශේෂඥ කමිටුව පත්කළේ 2017 වර්ෂයේ වෛරස් රෝග සම්බන්ධයෙන් එන්නත් අපේ රටට ලැබෙන විට ඒ පිළිබඳ විශේෂඥ මතයක් ලබාගැනීමටයි. කායික රෝග විශේෂඥයින්ගේ ආයතනය, ළමා රෝග විශේෂඥයින්ගේ සංගමය, ප්‍රතිශක්තිකරණය පිළිබඳ ආයතනය, වෛරසවේදය සම්බන්ධ විශේෂඥවරුන්ගේ ආයතනය වැනි විශේෂඥයින් විසින් තමයි 08දෙනාගේ කමිටුව නම්කර තිබෙන්නේ. 2017 වර්ෂයේදී ඩෙංගු රෝගය සඳහා මෙරටට ගෙනා ප්‍රංශයේ නිෂ්පාදිත එන්නතක් මෙම කමිටුව විසින් ප්‍රතික්‍ෂේප කළා. මෙම එන්නත පිලිපීනයේ දරුවන්ට ලබාදීමෙන් සංකූලතා ඇතිවී දරුවන් මරණයට පත්වී තිබුණා. එවැනි එන්නතකින් අපේ රටේ ජනතාව බේරා ගත්තේ මෙම විශේෂඥ කමිටුවයි. පසුව අපට දැනගන්නට ලැබුණා මෙම ප්‍රංශයේ නිෂ්පාදිත එන්නතට අනුමැතිය ලබාදෙන්න කියලා මෙම කමිටුවට ඉහළින් බලපෑම් ආවා කියලා.

පසුගිය මාර්තු 01වැනිදා සහ 15වැනිදා මෙම විශේෂඥ කමිටුව රැස්වී සිනොෆාම් එන්නත පිළිබඳව තමන්ගේ නිරීක්‍ෂණ ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් මෙම එන්නත පිළිබඳව චීන සමාගමෙන් කරුණු 11ක් පිළිබඳව ප්‍රශ්නකොට තිබෙනවා. එම කරුණු 11න් කරුණු 10කටම චීන සමාගම විසින් උත්තර ලබාදී නැහැ. අවුරුදු 60ට වැඩි අයට මෙම එන්නත පරීක්‍ෂා කොට ඇත්ද? මෙම එන්නත පිළිබඳ තුන්වැනි අදියරේ පරීක්‍ෂණ වාර්තා මොනවාද? එම එන්නත ලබාදීමෙන් පසු ශරීරය තුළ නිපදවෙන ප්‍රතිදේහ පිළිබඳ වාර්තා මොනවාද? වැනි ඉතා වැදගත් කරුණු ප්‍රමාණයක් චීන සමාගමෙන් විමසා තිබෙනවා. එම කරුණු ලබාදීමට චීන සමාගම අසමත් වූ නිසා තමයි විශේෂඳ කමිටුව විසින් චීන එන්නත සඳහා අනුමැතිය ලබාදී නැත්තේ.
රටක ඉන්න ජනාධිපතිට, අගමැතිට හෝ සෞඛ්‍ය ඇමතිට එන්නතක් පිළිබඳ තීරණයක් ගන්න බැහැ. ඒ නිසා තමයි මෙවැනි විශේෂඥ කමිටු පත් කරන්නේ. විශේෂඥ කමිටුව එන්නත අනුමත කරන්න බැරි බව පැවසූ පසුව අපේ රටේ සෞඛ්‍ය ඇමතිනිය සහ ආණ්ඩුව සිදුකරන්නේ ඖෂධ නියාමන අධිකාරියේ සිටින නිලධාරීන් ඉවත් කිරීමයි. 03වැනිදා වනවිට සෞඛ්‍ය ඇමතිවරිය විසින් නිර්දේශ කරනවා, විශේෂඥ කමිටුවේ සිටින ලංකාවේ ප්‍රකට ළමා රෝග විශේෂඥයෙක් වන ලක්කුමාර ප්‍රනාන්දු මහතා එම කමිටුවෙන් ඉවත් කරන්න කියලා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සිටින නිළධාරින් 07 දෙනෙක් සෞඛ්‍ය ඇමතිවරිය විසින් ඉවත් කොට තිබෙනවා. රටේ ජනතාවගේ ජීවිත සුරක්‍ෂිතතාවය සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටින ස්වාධීන ආයතනවල සිටින විශේෂඥයින් ඉදිිරිපත් කරන මතය තමන්ගේ දේශපාලන මතයට අනුකූල නැත්නම් එම නිලධාරීන්ගේ විශේෂඥභාවය පවා නොසලකා ඔවුන් තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය නියෝජනය කළේ එසේ මෙසේ විශේෂඥ පිරිසක් නෙවෙයි. විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් සම්බන්ධයෙන් අපේ රට අයත්වන කලාපයේ උපදේශකවරයෙක්. ඔහු ජාතික දුම්කොළ සහ මද්‍යසාර අධිකාරියේ සභාපති වෙලා හිටියා. ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපතිවරයෙක්. වෛද්‍ය ලක්කුමාර වැනි ඉතාම දක්‍ෂ විශේෂඥ වෛද්‍යවරු තමයි සෞඛ්‍ය ඇමතිවරිය විසින් මෙසේ ඉවත්කර තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සංගමය, වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය තම විරෝධය ප්‍රකාශයට පත්කොට තිබෙනවා. අද වනවිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද වනවිට අකර්මණ්‍ය කරලා තමන්ගේ දේශපාලන හිතවතුන් මෙම ආයතනවලට පත්කර ගැනීමේ උත්සාහයක ආණ්ඩුව නිරත වෙලා ඉන්නවා. පසුගිය දෙසැම්බර් මාසයේ වෛද්‍ය සභාවේ හිටපු වෛද්‍යවරු 05දෙනෙක් ඇමතිවරිය විසින් ඉවත්කොට තිබෙනවා. ආණ්ඩුව බලයට එනකොට කිව්වේ වියතුන් පිරිවරාගෙන රට පාලනය කරන බවයි. ඒ වෙනුවෙන් වියත්මග කියලා සංවිධානයකුත් හදාගත්තා. නමුත් අද වියත්මග නියෝජනය නොකරන සැබෑ වියතුන් දක්‍ෂයින්, විශේෂඳයින් රටේ ස්වාධීන ආයතනවලින් ඉවත්කොට තමන්ගේ දේශපාලන හිතවතුන් පත්කර ගනිමින් තිබෙනවා.

මෙය ඉතා භයානක තත්වයක්. ලෝකය අනුමත නොකරන ලද, අපේ රටේ ඖෂධ නියාමන අධිකාරිය අනුමත නොකරන ලද එන්නත් භාවිතය සඳහා ආණ්ඩුව පියවර ගතහොත් එයින් වන සෞඛ්‍ය ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. කෙටිකාලීනව කොවිඩ් සම්බන්ධව ගැටලුවක් ඇතිවිය හැකි අතර දීර්ඝ කාලීනව අපේ රටේ එන්නත්කරණය සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය පළුදු වන්නනට පුළුවන්. එය පිලිපීනයේදී සිදුවුණා. ඒ නිසාම 2019 වනවිට පිලිපීනයේ සරම්ප වසංගතයක් පැතිරී ගියා.

එනිසා දේශපාලන බලපෑම් කරලා රටේ ස්වාධීන ආයතනවලින් එන්නත් අනුමත කරවා ගත්තත් ජනතාවට එම එන්නත් පිළිබඳව විශ්වාසයක් නැතිව යනවා. එනිසා අපි ආණ්ඩුවට කියනවා, රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා. මෙවැනි ගෝලීය වසංගතයකදී අපේ රටේ ආණ්ඩු කළ යුත්තේ ලෝකයේ පිළිගත් ඉහළම එන්නත අපේ රටේ ජනතාවට ලබාදීමයි. ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ උද්දච්ඡකම්වට රටේ ජනතාවගේ ජීවිත පළි නැහැ.

 

Post Views: 1
Previous Post

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ 13 වන ගුණ සැමරුම හෙටයි

Next Post

නව පොලිස් 190 ක් ස්ථාපිත කරන බව ඇමැති සරත් කියයි

editor

editor

Next Post

නව පොලිස් 190 ක් ස්ථාපිත කරන බව ඇමැති සරත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved