27 April 2024
#සංවර්ධන

කිතුල් ආශ්‍රිත නිෂ්පාදකයින් දිරි ගැන්වීම සදහා අලෙවිසැලක්

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහනට සමගාමීව කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකින් දිරි ගන්වමින් රත්තොට බඹරකිරි ඇල්ල කොට්ඨාශයේ කිතුල් නිෂ්පාදන අලෙවි සැලක් ඉකුත්දා ආරම්භ කෙරුණි.

විශ්‍රාම ආබාධිත රණවිරුවෙක් වන ගාමිණි කුමාරසිංහ මහතා විසින් රත්තොට රිවස්ටන් මාර්ගයේ රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ කිතුල් නිෂ්පාදන සහ හෙළ බොජුන් අලෙවි පියස’ නමින් මෙම වෙළදසැල ආරම්භ විය.

මෙම අවස්ථාවට රත්තොට ප්‍රාදේශිය සභා සභාපති කුමාරසේන තෙන්නකොන්,ප්‍රාදේශිය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත්,රණ විරු සේවා අධිකාරියේ නිලධාරින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ,

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *