27 April 2024
#දේශීය

සේවාදිගු ගැන රජය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව රවි කුමුදේශ් පවසයි

අවිධිමත් ලෙස තෝරාගත් සේවාවන් කිහිපයකට පමණක් වයස 63 තෙක් සේවා දිගු ලබා දීම හේතුවෙන් රාජ්‍ය සේවාව තුල බරපතල අර්බුධයක් මතුව තිබෙන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත පැවසුවේ සෞඛ්‍ය සේවාව තුල හෙද සේවාවට සහ වෛද්‍ය සේවාවට වයස අවුරුදු හැට තුන දක්වා සේවා දිගු ලබා දීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ කිසිවක් නොමැතිව අනුමත කොට තිබියදී, පරිපූරක වෛද්‍ය සේවාවට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව නිර්දේශ සදහා මුදල් අමාත්‍යාංශයටයොමු කොට මාස දෙකකට අධික කාලයක් ගත වී ඇති අතර, එකම කාරණයක් සදහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලබාදීමට පිළිබදව රජය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

එසේම සේවා අවශ්‍යතාවය පිළිබදව කිසිදු සොයා බැලීමකින් තොරව විශේෂඥ වෛද්‍ය සේවාට එලෙස සේවා දිගු ලබා දීම මගින් සීමා සහිතව පවතින සමහර තනතුරු සදහා සමහර නිලධාරීන්ට කාලාන්තරයක් බලා සිටීමට සිදුව ඇති අතර එය සෞඛ්‍ය සේවයේ ඉදිරි ගමනට, නව දැනුම එකතු කර ගැනීමට හා කාර්‍යක්ෂමතාවය වැඩි දියුණු කර ගැනීමට එරෙහි බරපතල බාධාවක් බව ද කුමුදේශ් මහතා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *