27 April 2024
#දේශීය

ප‍්‍රතිශක්තිය වර්ධනය කරන දේශීය ආහාර අතිරේක සදහා ඉඩක් දෙන්න – කෝවිඩ් මරණ වැළැක්වීමේ එකමුතුවෙන් ජනාධිපතිවරයාට සංදේශයක්

කොරෝනා වෛරසයට මුහුණදීම සදහා වන වැඩසටහන් ඉදිරියට ගෙන යන අතරවාරයේදී ජනතාවගේ ප‍්‍රතිශක්තීකරණය වර්ධනය කිරීම සදහා වන දේශීය විසදුම් වෙත යොමුවිය යුතු බව කොවිඩ් මරණ වැළැක්වීමේ එකමුතුව පවසයි.

එම එකමුතුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සංදේශයක් යොමු කරමින් සඳහන් කර සිටියේ දේශිය ආහාර අතිරේක හරහා විදේශ විනිමය අර්බුදයට විසදුම් සෙවිය යුතු බවටත් යෝජනා කරන බවයි.

ප‍්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සදහා වන දේශීය වශයෙන් වන ආහාර අතිරේකයන් තුළින් විදේශ වෙත ඇදී යන මුදල් ප‍්‍රමාණය සීමා කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත්, විදේශ සංචිත අර්බුදය විසදා ගැනීමේදී එය සුබදායී ලෙස බලපානු ඇති බවත්  එම සංදේශයේ සදහන් විය.

දේශිය හා බටහිර වෛද්‍යවරුන්, රසායන විද්‍යාඥයින් එක්ව විද්‍යාත්මක පදනමක් මත නිර්මාණය කළ මෙවැනි දේශීය විසදුම් මගින් රටේ ඩොලර් අර්බුදයට විසදුම් ලබාගැනීමට හැකියාවක් ලැබෙන බවද ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශය භාරදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කොවිඩ් මරණ වැළැක්වීමේ එකමුතුවේ කමිටු සාමාජික වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා පැවසිය.

කොවිඩ් මරණ වැලැක්විමේ එකමුතුව වෙනුවෙන් වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මෙම සංදේශය ජනාධිපති ලේකම් කාර්යාලයට බාරදුන් අතර කොවිඩ් මරණ වැළැක්වීමේ එකමුතුවේ කැදවුම්කරු චන්දන ජයලත් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *