27 April 2024
#ව්‍යාපාර

රටටම කිරි දෙන්න… කිරිගොවියා දිරිමත් කරන්න නිසි වැඩපිලිවෙලක් සකසන්න – පැල්වත්ත කිරි සමාගමෙන් ඉල්ලීමක්

රටටම කිරී ලබා දීමටනම් මෙරට කිරි ගොවියා ශක්තිමත් කර ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කල යුතු බව පැල්වත්ත සමාගමේ නිලධාරින් පවසයි.

පසුගියදා මාධ්‍ය වේදීන් සම්බන්ධ කරමින් පැල්වත්ත සමාගමේ නිරික්ෂණ චාරිකාවකදී මානව සම්පත් කලමණාකරු හර්ෂන් ජිවන් කුමාරන් මහතා අප වෙත කියා සිටියේ තම සමාගමට අවශ්‍ය කරන කිරි ප්‍රමාණය ලැබෙන්නේනම් මෙරට කිරි අවශ්‍යතාවය සපුරා ගත හැකි බවයි.

නමුත් පවතින දේශපාලන තත්ත්වයන් මත නිවැරදි වැඩපිළිවෙලක් මෙතෙක් සකස් නොවන්නේ ඇයිදැයි පිළිබඳ තවත් ඇත්තේ ප්‍රශ්ණයක් බවයි.

කෙසේ වෙතත් මෙරට එළ දෙනුන්ගෙන් ලබා ගන්නා කිරී මෙරට ජනතාවගේ අවශ්‍ය තාවයට අනුව අඩු බවත් එය සමතුලිත තත්ත්වයට ගෙන ඒමටනම් කිරි ගවයින් සංඛ්‍යාව ඉහළ දැමීය යුතු බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *