27 April 2024
#දේශීය

පස්ස දොරින් පැනලා ගිය මෛත්‍රිට කවුරුත් නෑ – රාජ්‍ය අමාත්‍ය රොෂාන්

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පස්ස දොරින් පැනැල ගියේ එතුමාට ඡන්දෙට දාන්න අනුගාමිකයෙක්වත් නැති නිසා යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 31 වනදා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදිය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය ” මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කර ගන්න බැරි වැඩක් අසාර්ථකයි කියලා කියන්න එතුමා දක්ෂයි. එතුමාගේ පාලන සමය හැම අතින්ම අසාර්ථකයි. එතුමා ඡන්දේ ඉල්ලන්නේ නැතුව පස්සේ දොරෙන් පැනලා ගියේ එතුමා දන්නවා ඡන්දය ඉල්ලුවා නම් එතුමා පරදින බව. එතුමා වෙනුවෙන් ඉල්ලන අනුගාමිකයෙක් දාන්න තිබුණා යහපාලන පක්ෂය වෙනුවෙන්. එතුමලාගේ දාපු අනුගාමිකයා තමා සජිත් ප්‍රේමදාස මහතා. එතුමා අන්ත පාරජය වුණා මැතිවරණය තුල. යහපාලනය සාර්ථකව යමක් කලා නම් මිනිසුන් ඡන්දය දෙනවා. ගිය ජනාධිපතිවරණයෙදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නිර්පාක්ෂිකයි කියලා එතුමා වක්‍රව සජිත් ප්‍රේමදාසට උදව් කලා. අද හොඳ වැඩක් යන විට එය එතුමන්ලාට කර ගන්න බැරි වුන වැඩක් නම් එය කඩා කප්පල් කරන්න වැඩ පිළිවෙළ යනවා. වයස 95ට තිබුණ අපේ අයු කාලය වයස 60 ට අඩු වෙන්න ප්‍රධාන හේතුව තමා රසායනික පොහොර. ඔබට මතක ඇති 1960 දශකයෙදී රාසයනික පොහොර ප්‍රවර්ධනය කරන්න ගෙන ගිය වැඩ පිළිවෙල. ගොවි ජනතාවගේ මතය වෙනස් කරන්න ලොකු ප්‍රයත්නයක් එදා දැරුවා. රසායනික පොහොර වල ඇති අවදානමත් එක්ක පුළුවන් තරම් එයින් අපි බැහැර විය යුතයි යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *