අනුරාධපුර නගරයේදී ලංගම බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් 10 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔක්තෝබර් 24 වැනිදා පස්වරුවේ සිදුවූ මෙම අනතුර අවස්ථාවේදී, මව සහ දියණිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිට ඇති අතර, එය අනුරාධපුරයේ සිට තුරුවිල බලා ධාවනය වූ ලංගම බස් රථයක ගැටී තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ මව සහ දියණිය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී දියණිය මියගොස් තිබේ.
මියගිය සිසුවිය අනුරාධපුර විජයපුර ප්රදේශයේ පදිංචිකාරියකි.
අනතුර සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අනුරාධපුර පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















