එල් නිනෝ තත්ත්වය හමුවේ ලොව බොහෝ රටවලට වැසි වැඩි වුව ද ශ්‍රී ලංකාව ඇතුළු ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව සහ ඉන්දියාව වැනි රටවලට දැඩි උණුසුම් කාලගුණය සහිත නියං තත්වයක් පවතින බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න පවසයි.
1950 වසරෙන් පසු ලොව ඇති වූ ලෝක ව්‍යවසන තත්වය ලෙස මෙම එල් නිනෝ තත්ත්වය හැඳින්විය හැකි බවද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.














