• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දිරිය වනිතාවට “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා -BOC තුරුණු දිරියෙන්” සවියක්

17 December 2018
in සංවර්ධන

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන දිරිය වනිතාවට “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා -BOC තුරුණු දිරියෙන්” සවියක් වැඩසටහන මගින් මේ වන විට කාන්තාවන්ට විශේෂ අවධානයක් යොමුව තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ ” ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය මගින් ශ්‍රී ලංකාව තුළ තරුණ ව්‍යවසායකයින් හට ‘’තමන්ගේම ව්‍යාපාරයක්’’ යන සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට හැකියාව ලැබී ඇත. මෙහිදී වැදගත් තැනක් හිමිවනුයේ ව්‍යවසායක ක්ෂේත්‍ර‍යේ කාන්තා නියෝ’ජනය කෙරෙහිය. තුරුණු දිරිය හරහා ණය ලාභීන් 378 දෙනෙකුගෙන් 237ක් කාන්තාවන්ය. ශ්‍රී ලංකාව තුළ ජීවත්වන කාන්තාවන් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකිනමුත් ඔවුන්ට එම සිහිනය මල්ඵල ගන්වා ගැනීමට සහය දීමට කෙනෙකු නොමැති බැවින් එම සිහිනය තිඹිරිගෙය තුළම මිය යනු දැකිය හැකි විය. නමුත් ලංකා බැංකු තුරුණු දිරිය ණය යෝජනා ව්‍යාපෘතිය මගින් වර්තමානය වන විට කාන්තාවන්ට තමන්ගේ සුඵ පරිමාණ ව්‍යාපාරය සංවර්ධනය හා සාර්ථක කර ගැනීමට විශාල මෙහෙවරක් ඉටුකොට ඇත.

පාසල් අධ්‍යාපනය නිම කිරීමෙන් පසු පෞද්ගලික අංශයේ හෝ රාජ්‍ය අංශයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවන්ට තම රන් හා වටිනා කාලය ගිලිහී යාමට නොදී තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භකර එය ඉදිරියට සාර්ථකව ගෙන යාමට තුරුණු දිරිය ණය යෝජනා ව්‍යාපෘතිය ඉතා වටිනා මෙහෙවරක් ඉටු කරනු ලබයි. මුළුතැනගෙයට පමණක් සීමා වු කාන්තාවන් විවිධ ව්‍යාපාර ක්ෂේත්‍ර කෙරෙහි යොමු වීමට තුරුණු දිරිය මහත් දිරියක් ලබා දී ඇති බව මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනයේ දී අපට විද්‍යාමාන වේ. අද වන විට මෙම ව්‍යාපෘතිය හරහා කාන්තාවන් 237ක්ද පුරුෂයින් 141 ක්ද සදහා ණය පහසුකම් සලසා දී ඇත. වර්තමානය වන විට කාන්තාවන් ද පවුල් සංස්ථාව ගොඩනැගීමට පුරුෂයන්ට සහයෝගය ලබාදෙන අතර ඒ සියළු දෙනාට අත දීමට තුරුණ දිරිය සූදානමින් සිටී.

මෙම ණය යෝජනා ව්‍යාපෘතිය දිවයිනේ සියළුම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධීකරණය කරමින් රටේ තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම අරමුණ කරගෙන ක්‍රියාත්මක කරනු ලබන අතර එමගින් උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලි සිටින සහ වසර 40කට නොවැඩි තරුණ ව්‍යවසායකයින් උදෙසා සුරැකුම්/ ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව, අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි.

ලංකා බැංකුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ එක්ව ක්‍රියාත්මක කරන “තුරුණු දිරිය”ණය යෝජනා ක්‍රමය, විශේෂයෙන්ම තරුණ වෘත්තිමය ව්‍යවසායකයින් ඉලක්ක කරගෙන, රජය මගින් ක්‍රියාත්මක වන “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ක්‍රියාත්මක වේ. දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛා වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැක. හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය විසින් පවසයි.

Post Views: 27
Previous Post

සන්ධානය මන්ත්‍රීවරුන් ජනපති හමුවක් අද

Next Post

ඉන්ටව් කරලා තමයි ගන්නේ – එජාපය

editor

editor

Next Post

ඉන්ටව් කරලා තමයි ගන්නේ - එජාපය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved