27 April 2024
#දේශීය

කැබිනට් මණ්ඩලයට කබ්රාල් සහභාගි වන්නේ නෑ – විදේශ ඇමැති ජි.එල්

අද පැවැත්වෙන කැබිනට් රැස්වීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් හා මහ බැංකුවේ අධිපතිවරයා සහභාගි නොවන බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

ඒ් මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ ප්‍රියන්ත කුමාර මැතිතුමාගේ දරුවන් දෙදෙනාගේ සහ පවුලේ අනාගතය සම්බන්ධයෙන් ගතයුතු සියලුම පියවර පිළිබඳව ශ්‍රි ලංකා රජය , පකිස්තානු රජය සමඟ සම්බන්ධවෙලා ඒ අවශ්‍ය වැඩකටයුතු අඛණ්ඩව කරගෙන යන බවයි.

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධව පුද්ගලයින් 249 ක් පමණ අත්තඩංගුවට අරගෙන තිබෙන අතර ඒ පුද්ගලයින්ට විරුද්ධව නඩු පවරන්නේ ත්‍රස්තවාදය සම්න්ධ නීතිය යටතේ බව තීරණයක් අරගෙන තිබෙන බව හෙතෙම පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *