27 April 2024
#දේශීය

2022 වසරට මධ්‍යම පළාත් සභාව වෙත රැස් කර දීමට අපේක්ෂිත බදු මුදල් ප්‍රමාණය ඉහළ නැංවීම සැලසුම්

2022 වර්ෂයේ මධ්‍යම පළාත් සභාව වෙත රැස් කර දීමට අපේක්ෂිත බදු මුදල් ප්‍රමාණය ඉහළ නැංවීම සැලසුම් කර ඇති බව මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් ජගත් අධිකාරි මහතා පවසයි.

පළාත් ඉඩම් කොමසාරිස් වරයා කියා සිටියේ ඉකුත්දා මෙම වර්ෂය තුළ ඉඩම් බදු ආදායම් රැස් කිරීම් සම්බන්ධයෙන් තොරතුරු සමාලෝචනය කළ බවත් , 2022 වර්ෂයේ මධ්‍යම පළාත් සභාව වෙත රැස් කර දීමට අපේක්ෂිත බදු මුදල් ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය සැලසුම් සාකච්ඡා කළ බවය.

පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව වාර්ෂිකව රු.මි. 100 කට අධික බදු මුදලක් පළාත් සභාව වෙත රැස් කර දෙන අතර, ඉදිරි වර්ෂයේදී එම මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට අවශ්‍ය මග පෙන්වීම් හා අවශ්‍ය උපදෙස් ලබාදීම සංවර්ධන නිලධාරින් වෙත පළාත් ඉඩම් කොමසාරිස්වරයා විසින් සිදු කළේය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *