• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය සැමරෙයි

18 August 2018
in දේශීය

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සකස් කරන ලද අතුරු නිර්දේශ සහිත අතුරු වාර්තාවක් එළි දක්වමින් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය ලබන 30 වන දින අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සැමරීමට නියමිතය.

“අතුරුදහන් කිරීම්වලට ඉඩ නොතබමු” යන තේමාව යටතේ එදින ප.ව.3.00 සිට ප.ව.5.00 දක්වා කොළඹ 07, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදි පැවැත්වෙන මෙම සැමරුම් උත්සවයට අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඥාතීන් සහ සිවිල් සමාජයේ ක්‍රියාධරයන් සහභාගී වෙති.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ විසඳුම් සෙවීමේ අරගලයට වැදගත් ජයග්‍රහණයක් වූ 2018 අංක 5 දරන බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුති පනත සම්මත කිරීම සහ 2018 පෙබරවාරි මස අතුරුදන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලය පිහිටුවීම නිසා මෙම සැමරුම විශේෂත්වයක් ගනී.

මෙදින ප්‍රධාන දේශනය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වන ආචාර්ය දීපිකා උඩගම මහත්මිය විසින් පවත්වනු ලැබේ. මීට අමතර වශයෙන් අතුරුදන් වූ තැනැත්තන්ගේ ඥාතීන්ගේ නියෝජිතයින් ද එදින රැස්වීම ඇමතීමට නියමිතයි.

Post Views: 7
Previous Post

ජනපතිගේ කිසිදු ඥාතියෙක් විදෙස් සේවයේ නෑ

Next Post

රජයේ රස්සාවල් දෙන එක පාපයක් – ඇමැති මංගල කියයි

editor

editor

Next Post

රජයේ රස්සාවල් දෙන එක පාපයක් - ඇමැති මංගල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved