ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සිය ක්‍රිකට් දිවියේ හොඳම ICC ශ්‍රේණිගත කිරීම හිමිකර ගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි. ඒ, පිතිකරණ, පන්දු යැවීම සහ තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්වල එකවර ඉහළම ස්ථාන වාර්තා කරමිනි.
ඊයේ (01) එළිදැක්වුණු විස්සයි විස්ස කාන්තා ශ්‍රේණිගත කිරීම්වල ඇය පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයද, තුන් ඉරියව් ක්‍රීඩිකා ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි ස්ථානයද සහ පන්දු යවන්නියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 33 වැනි ස්ථානයද හිමිකරගෙන තිබේ. මේ අතර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන දෙවැනි තරගය අද තායිලන්තය සමගින් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිත අතර, මීට පෙර පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදා කඩුලු 9ක ජයක් හිමිකර ගත්තේය.














