අපනයන ප්රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්රය සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැති අතර, එහිදී ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.
දේශීය නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්රයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය, ආයෝජකයන් සඳහා සහන ලබා දීම මෙන්ම පර්යේෂණ හා සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු විය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ජේ.ජී.එල්. සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරු සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති සමන් ජයසිංහ, අධ්යක්ෂ ජනරාල් එන්. බණ්ඩාර යන මහත්වරු ඇතුළු නිලධාරීහු ද, ශ්‍රී ලංකා ඛනිජ වැලි සංගමයේ සභාපති මංගල පී.බී. යාපා, උප සභාපති ඒලියන් වින්ස්ටන් ගුණවර්ධන යන මහත්වරු ඇතුළු සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.














