භූ දේශපාලනික ගැටුම් සහ ගෝලීය අභියෝග හමුවේ ලොවට අවශ්‍ය වන්නේ යුද්ධය නොව සාමය බව එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිය අමතමින් චීන උප ජනාධිපති හන් ෂෙංග් ප්‍රකාශ කර තිබේ.
දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු ජාත්‍යන්තර නීතිය පදනම්ව ගොඩනැඟුණු ගෝලීය පිළිවෙත් ආරක්ෂා කරන ලෙස සියලු රටවලින් ඉල්ලීමක් කළ ඔහු, ආරක්ෂක කවුන්සිලයේ අනුමැතියකින් තොරව සිදු කරන ඒකපාර්ශ්වික සන්නද්ධ ක්‍රියාමාර්ග වෙනුවට සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳාගත යුතු බව අවධාරණය කළේය. ගෝලීය සාමය සුරක්ෂිත කිරීම සඳහා බලවත් රටවල් නීතියේ ආධිපත්‍යය රැකීමට පෙරමුණ ගත යුතු බව පෙන්වා දුන් චීන උප ජනාධිපතිවරයා, මැදපෙරදිග කලාපීය ස්වෛරීභාවයට ගරු කරන ලෙසත්, කියුබාවට එරෙහි සම්බාධක වහාම අවසන් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
















