මෙරට පිහිනුම් තටාක වලින් බොහෝමයක් අනාරක්ෂිත තත්ත්වයක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ, අනතුරු නිවාරණ අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසයි.
පිහිනුම් තටාක සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ මාර්ගෝපදේශ ජනගත කිරීමේ උත්සවයට කොළඹදී එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර, පිහිනුම් තටාකයක් සඳහා අනිවාර්යයෙන්ම ජීවිත ආරක්ෂකයින් (lifeguards) සිටිය යුතු බව අවධාරණය කර ඇත. එසේම, මෙරට සමස්ත පාසල් 10,467ක් අතරින් පිහිනුම් තටාක ඇත්තේ පාසල් 66ක පමණක් වන බවද මෙහිදී වැඩිදුරටත් අනාවරණය විය.














