මෙරට කීර්තිමත් SLIM Digis සම්මාන උළෙලේ පළමු අදියරේදීම විශිෂ්ට දස්කම් දක්වා ඇති ‘සිරාතේ’ (Cirate) ඩිජිටල් අලෙවිකරණ ආයතනය, සම්මාන තුනක් දිනා ගනිමින් එම තරගාවලියේ මෝටර් රථ කාණ්ඩයේ වඩාත්ම සම්මානලාභී ආයතනය බවට පත්වීමට සමත්ව තිබේ. ජෙටෝර්, යූඑෆ්එස් ලංකා සහ ටාටා පීවී වැනි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මෝටර් රථ සන්නාම වෙනුවෙන් ඔවුන් පසුගිය කාලය පුරා දියත් කරන ලද සාර්ථක ඩිජිටල් ව්‍යාපාරික මෙහෙයුම් වෙනුවෙන් මෙම රිදී, ලෝකඩ සහ අවසන් තරඟකරු පිළිගැනීම් හිමි වී ඇති අතර, එය තරගාවලියට ආයතනයක් ඉදිරිපත් කළ පළමු අවස්ථාවේදීම ලැබූ සුවිශේෂී සන්ධිස්ථානයකි.
ජාත්‍යන්තර මට්ටමේ මෝටර් රථ අලෙවි නියෝජිතයන් රැසක් සමඟ කටයුතු කරමින්, පාරිභෝගික ඩිජිටල් අත්දැකීම් වර්ධනය කිරීමට සහ සන්නාමවල ඩිජිටල් පැවැත්ම ශක්තිමත් කිරීමට ආයතනය ලබා දී ඇති දායකත්වය මෙහිදී මනාව ඉස්මතු වී ඇත. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු ගෝලීය වෙළඳපල රැසක සේවාදායකයින් සමඟ කටයුතු කර ඇති සිරාතේ ආයතනය, දේශීය ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්රය තුළ නව ප්රමිතීන් බිහි කිරීමට සමත් වී තිබේ.
ඩිජිටල් අවධානය සැබෑ ව්‍යාපාරික බලපෑමක් සහ ස්පර්ශ්‍ය ප්‍රතිඵල බවට පරිවර්තනය කිරීමේ වැදගත්කම මෙම ජයග්රහණයෙන් තහවුරු වන අතර, ඉදිරියටත් මෙරට ව්‍යාපාරික ප්‍රජාවට නවීන තාක්ෂණික විසඳුම් ලබා දීමට එය මහත් පිටුවහලක් වනු ඇත. මෙම සුවිශේෂී ඇගයීමත් සමඟ ශ්‍රී ලංකාවේ මෝටර් රථ අලෙවිකරණ සහ ඩිජිටල් සන්නිවේදන ක්ෂේත්රය තවත් ඉහළ මට්ටමකට ඔසවා තැබීමට සහ ඉදිරි ආයතනික වර්ධනයට මගපෙන්වනු නිසැය.
















