විශාල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රාජ්ය හා පෞද්ගලික ආයෝජන අත්යවශ්ය වුවද, එම සියලු ආයෝජන සහ පාර්ශ්වකාරීත්වයන් සම්පූර්ණ වගවීමකින් සහ නිසි නියාමනයකින් යුතුව සිදුවිය යුතු බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
කොළඹ වරායේ බටහිර ජාත්යන්තර පර්යන්තයේ දෙවන අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්රාමාත්යවරිය මේ බව ප්රකාශ කර තිබේ. රටට ලැබෙන ආයෝජනවල ප්රමාණය පමණක් නොව, ඒවායේ ගුණාත්මකභාවය, තිරසාරභාවය සහ ශ්රී ලංකාවේ දිගුකාලීන ආර්ථික හා උපායමාර්ගික අරමුණුවලට ගැළපීම පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව ඇය සඳහන් කළාය.
නවීන වරාය යටිතල පහසුකම්, පුහුණු ශ්රම බලකාය සහ ජාත්යන්තර වෙළෙඳපොළට ඇති ප්රවේශය ප්රයෝජනයට ගනිමින් තිරසාර ආයෝජන ආකර්ෂණය කර ගැනීම, රැකියා උත්පාදනය සහ අපනයන වර්ධනය රජයේ අරමුණක් බවද අග්රාමාත්යවරිය පෙන්වා දී තිබේ.
කොළඹ බටහිර ජාත්යන්තර පර්යන්තයේ දෙවන අදියර සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 750ක ආයෝජනයක් සිදුකර ඇති අතර, එමඟින් පර්යන්තයේ ධාරිතාව TEU මිලියන 1.6 සිට 3.2 දක්වා දෙගුණ වී තිබේ.
















