27 April 2024
#Uncategorised

චිනයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ආධාර පහසුකම් යටතේ ලබා ගැනිමේ සාකච්ඡාවක් – රජය

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය සහල් වැනි භාණ්ඩ සපයා ගැනිම සඳහා චින සහනාධාර පහසුකම් ලබා ගැනිම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා ආරම්භ කරන බව රජය පවසයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක මොහාන් සමරනායක මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ චීන ආධාර පහසුකම් යටතේ ලබා ගත යුතු අතවශ්‍ය භාණ්ඩ හා සේවා මොනවාද යන්න ගැන චින රජය සමඟ සාකච්ඡා කිරීමට පසුගිය 18 වනදා කැබිනට් මණ්ඩලයේදී තීරණය කල බවයි.

එසේම වෙළෙද අමාත්‍යංශය හා මුදල් අමාත්‍යංශය එක්ව මේ මොහොතේ ප්‍රමුඛතාව දිය යුතු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හදුනාගෙන එම භාණ්ඩ හා සේවා ආධාර ලෙස චීන රජයේ සපයා ගැනීම අරමුණයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *