• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෆූර් ගොඩනැගිල්ලේ කොවිඩ් ආසාදිතයා ගැන බය වෙන්න එපා – නාවික හමුදාව

29 May 2020
in දේශීය

පිටකොටුව ගෆූර් ගොඩනැගිල්ලේ රැදී සිටි නාවික හමුදා සාමාජිකයෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වීමේ සිද්ධිය පිළීබද අනිසි බියක් ඇති කර ගතයුතු නොවන බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව වෙනුවෙන් එහි මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ අදාල ගොඩනැගිල්ල නාවික හමුදාව වෙත පවරාගත් ගොඩනැගිල්ලක්වන අතර එහි කටයුතු සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් ක්‍රියාත්මක කෙරුණු බවය.

පෙරේදා (27) හදුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් අතර පිටකොටුව ගෆූර් ගොඩනැගිල්ලේ රැදී සිටි නාවික හමුදා සාමාජිකයෙකු ද වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කළේය.

මෙ හේතුවෙන් අදාල ගොඩනැගිල්ලේ සිටි නාවික රියදුරන් ඇතුළු පුද්ගලයින් 200ක පමණ පිරිසක් නිරෝධායනයට යොමු කිරිමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 351ක් දක්වා ඉහල ගොස් තිබේ.

ඒ වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 07දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාම හේතුවෙන්. 

මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 691 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති අතර ඉන් 340 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 1469 දෙනාගෙන් 732 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර රෝහල් ගතවතවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 727ක් වේ. 

Post Views: 7
Previous Post

දෙවසරක් යනතුරු වරිපනම් බදු වැඩිවෙන්නේ නෑ – ජනකගේ යෝජනාවට කැබිනට් අනුමැතිය “

Next Post

ඉදිරියේදී පූජ්‍ය පක්ෂයට සංවර්ධන නිලධාරී තනතුර නෑ – අධ්‍යාපන අමාත්‍ය ඩලස්

editor

editor

Next Post

ඉදිරියේදී පූජ්‍ය පක්ෂයට සංවර්ධන නිලධාරී තනතුර නෑ - අධ්‍යාපන අමාත්‍ය ඩලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved