දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 28ක පවුල් 27,475කට අයත් පුද්ගලයින් 88,068 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි.
පවතින ජල හිඟය හමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 27ක පවුල් 27,048කට අයත් පුද්ගලයින් 86,368 දෙනෙකු සඳහා පානීය ජලය බවුසර් මගින් බෙදා හැරීමට පියවර ගෙන තිබේ. මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයට වන අතර, එහි පවුල් 11,751ක පුද්ගලයින් 37,890 දෙනෙකුට පානීය ජලය ලබා දීමට කටයුතු කර ඇත. ඊට අමතරව මඩකලපුව (පුද්ගලයින් 28,523), අම්පාර (පුද්ගලයින් 8,847), බදුල්ල (පුද්ගලයින් 8,383), පොළොන්නරුව (පුද්ගලයින් 2,646) සහ රත්නපුර (පුද්ගලයින් 79) යන දිස්ත්‍රික්කවල ද පීඩාවට පත් ජනතාව වෙත පානීය ජලය බෙදා හැරීමේ මෙහෙයුම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.














