• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බිත්තර මිලෙත් මාෆියාවක්

27 June 2018
in දේශීය

මේ වන විට වෙළදපොලේ බිත්තර මිල සීග්‍රයෙන් වැඩි වී ඇති අතර එහි පිටුපස විශාල මාෆියාවක් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා මාධ්‍ය වෙත ලිපියන් යොමු කරමින් කියා සිටින්නේ ගොවිපොලෙන් රුපියල් 14.20 ට බිත්තර ප්‍රවාහනය කරන්නන් විසින් බිත්තර මිලදී ගන්නා අතර එම බිත්තරයක් වෙළදසැලකට අලෙවි කරන්නේ රුපියල් 15.50 ක මුදලකට බවයි. ඒ අනුව කඩ හිමියා විසින් බිත්තරයක් පාරිභෝගිකයා වෙත අලෙවි කරනු ලබන්නේ රුපියල් 17/= කට හෝ රුපියල් 18/= ක් වැනි මිලකටය.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් කර ඇත “ එහෙත් බිත්තරයක නිෂ්පාදන මිල වන්නේ රුපියල් 8.50 කට වඩා අඩු මිලක්ය. කුකුල් ආහාර මිල පහත වැටීම නිසා බිත්තරයක නිෂ්පාදන මිල සීග්‍රයෙන් අඩු වී ඇති අවස්ථාවක මහාපරිමාණ බිත්තර ව්‍යාපාරිකයින් විසින් බිත්තරයක මිල තීරණය කිරීම නිසා වෙළදපොලේ බිත්තර මිල ඉහළ ගොස් ඇත.(එක් බිත්තරයකින් රුපියල් 5.70 ක ලාභයක් නිෂ්පාදකයා ලබා ගනී) තවද කිකිලියන්ගේ ජනගහනය අඩු කිරීම සදහා මෙම ව්‍යාපාරිකයින් කිහිපදෙනා දැඩි බලපෑම් එල්ල කරමින් සිටින්නේ තමන්ගේ බිත්තර වෙළදාම සදහා වන ඒකාධිකාරය තවදුරටත් තමන්වෙත තබා ගනිමින් බිත්තර මිලදී ගන්නා පාරිභෝගිකයා ගසා කමින් සිය මඩිය තර කර ගැනීමට බව මැනවින් පැහැදිලි වේ. මෙම මාෆියාව නවතා දමා අඩුම මිලකට වැඩිම පෝෂණයක් ලබා දෙන බිත්තරයක් මෙරට පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට මිලදී ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස රජයෙන් අප ඉල්ලා සිටිමු“ යැයි නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

Post Views: 13
Previous Post

මහ දවාලේ දුෂණය වුණා – ඥානසාර හිමියන්

Next Post

වන්නියේ පන්සල් රැක බලා ගන්නවා

editor

editor

Next Post

වන්නියේ පන්සල් රැක බලා ගන්නවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved