27 April 2024
#දේශීය

අත්‍යවශ්‍ය භාණ්ඩ මාතලේ බෙදා හැරිම සදහා ක්‍රමවේයක් සකසයි

මාතලේ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව බෙදා හැරීමට අවශ්‍ය යාන්ත්‍රණය සකස් කරන බව මාතලේ දිස්ත්‍රික් ලේකම් තෙජානි තිලකරත්න මහත්මිය පැවසුවාය.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී ඊයේ (28) පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී දිස්ත්‍රික් ලේකම්වරිය මෙම අදහස් පළකළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු දිසාපතිවරිය කියා සිටියේ එදිනෙදා ජනජීවිතයට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිගයකින් තොරව රට තුල පවතින බවත් වත්මන් අර්බුදය හමුවේ විධිමත්ව බෙදා හැරිමේ යාන්ත්‍රණයක් සැකසිය යුතුව ඇති බවය.. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සක්‍රීයව පවත්වාගෙන යෑමෙන් පාරිභෝගියාත් ගොවියාත් දෙදෙනාම ආරක්ෂාවන බව දිස්ත්‍රික් ලේකම්වරිය මෙහිදී පෙන්වා දුන්නේය.

අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අජිතා මානික්‍රම, ගොවිජන සේවා සහකාර කොමසාරිස් බි.එම්.සි.එච් කුමාරිහාමි මහත්මිය ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් දිස්ත්‍රික් කෘෂිකමිටු රැස්වීමට සහභාගි වි සිටිහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *