27 April 2024
#දේශීය

රටේ ඇති ගැටළුකාරි තත්ත්වයන් හමුවේ මෙරට වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්ත ඉදිකිරීම සතුටුවනවා – ඇමැති බැසිල්

මෙරට පවතින ගැටළු රාශියක් හමුවේදී ශ්‍රි ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාව Flexicare Lanka වැනි ආයතන බිහි විම වඩාත් යෝග්‍ය බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (17) ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාන්තශාලාව Flexicare Lanka විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල, වරාය සහ නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන,පාර්ලිමේන්තු මන්ත්‍රී සන්ජීව එදිරිමාන්න, හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සෙනාරත්න සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්තුමිය වන Sara Hulton මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක් වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ” ලෝකය පුරා දැඩි වසංගත තත්වයක් පවතින අවස්ථාවක වුවත් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම පිළිබන්ඳව ප්‍රථමයෙන්ම බ්‍රිතාන්‍යයේ Flexicare සමාගමට ස්තූතිවන්තවනවා. අද දින විවෘත වන මෙම නිශ්පාදනාගාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිශ්පාදනය කරන ආයතනය වන අතර මේ හරහා ශ්‍රී ලංකාවේ ක්ශෙත්‍ර ගණනාවකට විවිධ විසඳුම් හිමිවනවා. විශේෂයෙන්ම රටේ පවතින ඩොලර් හිඟයට මේ හටහා ලැබෙන දායකත්වය සුවිශේෂ වනවා. මෙහි නිශ්පාදන‍යන්ගෙන් සියයට 90ක් අපනයනය කෙරෙන අතර එමගින් රටට ලැබෙම විදේශ විනිමය මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල සේවයක් වනවා. එපමනක් නොවෙයි රටේ රැකියා අවශ්‍යතාවයට මේ හරහා විසඳුම් හිමිවනවා. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 15කට අධික මෙම ආයෝජනය හරහා රැකියාඅවස්ථා 600ක් මේ රටේ ජනතාවට හිමිවනවා.

 

Flexicare Lanka යනු එක්සත් රාජධානියේ Flexicare Group සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අතර එය ඇමෙරිකානු ඩොලර් මිලියන 15කට අධික ආයෝජනයක් සමඟින් නවීනතම වෛද්‍ය උපකරණ නිෂ්පාදන මධ්‍යස්ථානයක් බණ්ඩාරගම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිතය. ශ්‍රී ලංකා නිෂ්පාදන ඉතිහාසයේ මෙවැනි අති නවීන වෛද්‍ය උපකරණ නිෂ්පාදන කම්හලක් රට තුළ සිය මෙහෙයුම් ආරම්භ කරන පළමු අවස්ථාව මෙම අවස්ථාව ලෙස සැලකේ.

මෙම Flexicare Lanka නව නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිෂ්පාදනයන්ගෙන් 90%කට වැඩි ප්‍රමාණයක් අපනයනය කෙරෙන අතර ඒ හරහා ශ්‍රී ලංකාව ප්‍රථම වරට ගෝලීය වෛද්‍ය පරිභෝජන උපාංග නිෂ්පාදන සිතියමට ද ඇතුළත් වේ. Flexicare Lanka එහි පළමු අදියරේදී පුද්ගලයින් 600 කට අධික සංඛ්‍යාවකට සේවක අවස්ථා සැලසීමට නියමිතය. මේවන විට 150ක ශ්‍රම බලකායකින් එහි වැඩ ආරම්භ කෙරෙන අතර නියමිත කාල රාමු අනුව දෙවන ව්‍යාපෘතිය සඳහා සැලසුම් සමඟ සේවක අවස්ථාද වඩාත් පුළුල් කෙරෙනු ඇත.

2019 වසරේ බණ්ඩාරගම ප්‍රදේශයේ මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීම් ආරම්භ කළ අතර මේ වන විට එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වේ.

Flexicare සමූහ ව්‍යාපාරයේ සභාපති Ghassem Poormand මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය. “Flexicare විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 15 කට වඩා වැඩි මුදලක් ආයෝජනය කර තිබෙනවා. අප ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදකයා පමණක් නොවෙයි. ආයෝජන මණ්ඩලය සහ රාජ්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරමින් සායනික අවශ්‍යතා සඳහා terminal ethylene oxide sterilisation තාක්ෂණය ප්‍රථම වරට මෙරටට හඳුන්වා දුන් ආයතනයද වනවා.”

මීට අමතරව, Flexicare සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ Hash Poormand මහතාද මෙසේ අදහස් දැක්විය. “COVID-19 වසංගතයේ පැමිණීමත් සමඟ අපගේ රෝගීන්ට ජීවිතාරක්ෂාව හා ජීවිතාරක්ෂක නිෂ්පාදන අවශ්‍යතාවය ඉතා තදින්ම දැනෙන වෙනත් කාලයක් නොමැති තරම්. මේ නිසා Flexicare Lanka අප හදිසි වෛද්‍ය උපකරණ ලොව පුරා බෙදා හැරීම සහතික කිරීමට උපකාරී වන බවට සහතික වනවා.”

 

Flexicare යනු සෞඛ්‍ය සේවා අංශයේ වසර 30කට වැඩි අත්දැකීම් හා පළපුරුද්දක් සහිතව වෛද්‍ය උපාංග නිෂ්පාදනය කරන සහ සපයන පුද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ වෛද්‍ය උපකරණ නිෂ්පාදකයෙකි. Flexicare හි මුලස්ථානය එක්සත් රාජධානියේ පිහිටා ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය, දකුණු ඇමරිකාව, නෙදර්ලන්තය, ජර්මනිය, ඉතාලිය, තුර්කිය, ජෝර්දානය, ඊජිප්තුව, ඉන්දියාව, කොරියාව, චීනය, ජපානය සහ ඕස්ට්‍රේලියාව, මැලේසියාව ශ්‍රී ලංකාව, යන රටවල පූර්ණ අනුබද්ධිත ආයතන සහ විද්‍යා මධ්‍යස්ථාන වල සහාය ඇතිව රටවල් 110කට අධික සංඛ්‍යාවකට සිය ජාත්‍යන්තර නිෂ්පාදන ජාලය පුළුල් කර තිබේ.

එසේම ප්‍රමුඛ පෙළේ වෙළඳපොලවලට නවීනතම නිෂ්පාදන විසඳුම් හඳුන්වාදෙමින්, සිය නිර්වින්දන සහ ශ්වසන නිෂ්පාදන සැපයුම් දාමයේ පූර්ණ පාලනයට යටත්ව ඒකාබද්ධ ව්‍යාපාරික ආකෘතියක් ගොඩ නැවීම සඳහා සමාගම සිය මෙහෙයුම් සහ හැකියාවන් තව දුරටත් පුළුල් කරනු ඇත.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *