27 April 2024
#දේශීය

මිලියනයක් වටිනා ECG යන්ත්‍ර 05ක උතුරු මැද පළාත් රෝහල්වලට පරිත්‍යාග කෙරේ

උතුරු මැද පළාතේ රෝහල් සඳහා රු. මිලියනයක් වටිනා ECG යන්ත්‍ර 05 ක් අද දින පරිත්‍යාග කෙරිණි.

ඒ්, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ඉල්ලීම අනුව, ජොර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමේ “සෙනෙහස” සත්කාරක වැඩසටහන යටතේය.

ජොර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එරාන් රණසිංහ මහතා විසින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත කොළඹ 10, “ඔසු පියස”, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී, එම ECG යන්ත්‍ර භාරදෙන ලදී. මෙම අවස්ථාවට එම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ආර්. එම්. එස්. කේ රත්නායක මහතා ද සහභාගි විය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *