27 April 2024
#දේශීය

තිරුවානන්තපුරම් හි ශ්‍රී ලංකා අභිනව කොන්සල්වරයා පත්වීම් ලිපිය භාරගනී

කේරළ ප්‍රාන්තයේ තිරුවානන්තපුරම් හි ශ්‍රී ලංකා අභිනව කොන්සල්වරයා ලෙස පත් වූ බිජුමොන් කර්නන් මහතාගේ පත්වීම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා විසින් පත්වීම් ලිපිය ලබා දුන්නේය.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ අත්සනින් යුත් නව පත්වීම් ලිපිය මහ කොමසාරිස්වරයා විසින් අභිනව කොන්සල් කර්නන් මහතා වෙත භාර දෙන ලදී.

කීර්තිමත් ලේඛකයෙකු මෙන් ම තිරුවානන්තපුරම් ප්‍රාදේශීය මන්ත්‍රණ සභාවේ සාමාජික ආචාර්ය ශෂී තරූර් සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *