27 April 2024
#දේශීය

කැස්බෑ මස් කිලෝ 45 ක් සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට

යාපනය, ගුරුනගර් ප්‍රදේශයේදී ඊයේ (20) උදැසන 7 ට පමණ කැස්බෑවන් සිව්දෙනෙකු මරා මස් කල පුද්ගලයින් සිව් දෙනෙකු පොලිසි විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදාළ වැටලිම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. අත්අඩංගුවට ගත් පිරිස සහ භාණ්ඩ වැඩිදුර විමර්ශනය කටයුතු සදහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට භාර දී ඇති තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් දේපල වන්නේ කැස්බෑවන් සිව්දෙනෙකුගේ මස් කිලෝ 45 ක් ද, කැස්බෑවන් සිව්දෙනාගේ කටු, කැපීම සඳහා යොදාගත් පිහි, ලී මිට සහිත පොරෝව, මස් අසුරන ලද ප්ලාස්ටික් භාජන වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 39,46, 52 සහ 57 වියේ පසුවන ගුරුනගර් ප්‍ර දේශයේ පදිංචිකරුවන් වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *