27 April 2024
#විදෙස්

කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි

තමිල්නාඩු හිටපු මහ ඇමති මුත්තුවේල් කරුණානිධි අභාවප්‍රාප්ත වෙයි. ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ කරුණානිධි පනස් වසරකට අධික කාලයක් ද්‍රවිඩ කලහා මුන්නේත්‍රම් පක්ෂයේ නායකත්වය හෙබවු බවයි. ඒ චෙන්නායි රෝහලක අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටිය දී අද පස්වරුවේ ඔහු මෙලෙස අභවප්‍රාප්ත විය.

මිය යන විට ඒ මහතා 94 වියේ පසුවන අතර, 5 වතාවක් තමිල්නාඩුවේ ප්‍රධාන අමාත්‍ය ධූරය හොබවා තිබේ.

ඊයේ රාත‍්‍රියේ සිට ඩී.එම්.කේ පක්ෂ සාමාජිකයන් රැසක් හා විශාල ජනකායක් කෞවේරි රෝහල් පරිශ‍්‍රයේ ම රැඳී සිටි බව සදහන් ය.

රෝහලේ ආරක්ෂාව වෙනුවෙන් 500 ත් 600කටත් ආසන්න විශාල පොලිස් ආරක්ෂාවක් මේ වන විටත් රඳවා ඇත.

එමෙන් ම ඉදිරි පැය 24 අවදානම් සහගත යැයි ඉන්දීය ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *