• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාව ඩිජිටල් සංචාරකයින්ට හිතකර ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට රජයේ අවධානය

12 July 2021
in සංවර්ධන

ශ්‍රි ලංකාව ඩිජිටල් සංචාරකයින්ට හිතකර ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා දීර්ඝ කාලීන වීසා බලපත්‍ර කාණ්ඩයක් හඳුන්වාදීම සහ බදු සහන ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත්කොට ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොවිඩ් තත්වය හේතුවෙන් ලොව පුරා ගොඩනැගෙන නව සංචාරක අංශයක් ලෙස ඩිජිටල් සංචාරක කර්මාන්තය හැඳින්වෙන අතර ඩිජිටල් සංචාරකයින් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට සංචාරක අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය යෝජනා කර තිබේ.

ජීවනෝපාය සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් සංචාරකයන් ලෙස සැරිසරමින් ජීවිතය ගතකරන පුද්ගලයින් ඩිජිටල් සංචාරකයින් ලෙස හඳුන්වනු ලැබේ.

ඩිජිටල් සංචාරකයින් බොහෝ විට මූල්‍යමය වශයෙන් ස්ථාවරත්වයක් ඇති ඉහළ මට්ටමේ ස්වයං විශ්වාසයක් සහ විනයක් සහිතව කටයුතු කරනු ලබයි.

මෙම ඩිජිටල් සංචාරකයින් මාස කීපයක්, අවුරුදු ගණනක් ආදී වශයෙන් රට අභ්‍යන්තරයේ රැඳී සිටිම නිසා ඉහළ විදේශ විනිමය ප්‍රමාණයක් රට තුළ සංසරණය කරනු ලබයි.

ඩිජිටල් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ලෝකයේ බොහෝ සංචාරක ආකර්ශණීය රටවල් පියවර ගෙන ඇති අතර තායිලන්තයේ-චියැංමායි, පෘතුගාලයේ-ලිස්බන් කොලොම්බියාවේ -මෙඩලින් සහ ඉන්දුනීසියාවේ- බාලි යන සංචාරක ආකර්ශණීය ප්‍රදේශ දැනට ඩිජිටල් සංචාරකයින්ගේ ප්‍රකට ගමනාන්ත ලෙස හැදින්වේ.

වසංගත තත්වය හමුවේ සෞඛ්‍යය නියාමනයන්ට අනුකූලව ක්‍රියාත්මක කළ හැකි ප්‍රධාන ප්‍රවර්ධන ක්‍රියාමාර්ග වලින් එකක් ලෙස ඩිජිටල් සංචාරකයින් ආකර්ෂණීය කර ගැනීම හඳුන්වාදිය හැකි අතර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් තක්සේරු කිරීමෙන් හා නිර්දේශ කිරීමෙන් අනතුරුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මෙම දීර්ඝකාලීන වීසා බලපත්‍ර නිකුත් කිරීම සහ බදු සහන ලබාදීමට පියවර ගනු ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Post Views: 10
Previous Post

නෞකාවෙන් හානියටපත් ධීවරයන්ට ලබන සතියේ වන්දි – ධිවර අමාත්‍ය ඩග්ලස් කියයි

Next Post

උද්ඝෝෂණ කල පිරිස් නිරෝධායනයට කුදලගෙන ගිය විදිහ වැරදියි – රාජ්‍ය ඇමැති ලාන්සා

editor

editor

Next Post

උද්ඝෝෂණ කල පිරිස් නිරෝධායනයට කුදලගෙන ගිය විදිහ වැරදියි - රාජ්‍ය ඇමැති ලාන්සා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved