27 April 2024
#දේශීය

ID එක නැතිනම් ඡන්දේ නැතැයි – මැකො කියයි

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා වලංගු ජාතික හැඳුනුම්පත භාවිත කල යුතු බවත් එසේ නොමැතිනම් ඡන්දය භාවිත කිරීමට නොහැකි වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද (16) මැතිවරණ මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින් සභාපතිවරයා කියා සිටියේ ඡන්ද නාම ලැයිස්තුවේ නම තිබුණත් ජාතික හැඳුනුම්පත නොමැතිනම් ඡන්දය භාවිත කිරීමට අවස්ථාව නොදෙන බවයි.

ජාතික හැදුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, රාජ්‍ය සේවා විශ්‍රාමික හැදුනුම්පත,වැඩිහිටි හැදුනුම්පත, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද පුජ්‍ය/ පුජක හැදුනුම්පත ලියවිලි අතරින් එකක් ඉදිරිපත් කල යුතු බව මීට පෙරද මාධ්‍ය මඟින් ජනතාව දැනුවත් කර සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *