ඉරාන පාර්ලිමේන්තු කථානායක Mohammad Bagher Ghalibaf (මොහොමඩ් බාගර් ගාලිබාෆ්) සහ විදේශ අමාත්‍ය Abbas Araghchi (අබ්බාස් අරාග්චි) යන මහත්වරුන් තෙහෙරාන් නුවරදී හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ.
බටහිර බලපෑම්වලට එරෙහිව “ප්‍රතිරෝධයේ අක්ෂය” (Axis of Resistance) තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟ වී ඇත. විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම සඳහා නම්, ගාසා තීරයේ සටන් විරාමය ඇතුළු ඉස්ලාමාබාද් සම්මුතියේ (Islamabad Memorandum) කොන්දේසි ඇමෙරිකාව විසින් සම්පූර්ණයෙන්ම ඉටු කළ යුතු බව ඉරාන කථානායකවරයා අවධාරණය කළේය. හමාස් සංවිධානය අවි බිම තැබීමේ ඇමෙරිකානු යෝජනා සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී ඇති අතර, ආරක්ෂිත සහ ස්ථිර විසඳුමකින් තොරව ඒකපාර්ශවිකව අවි බිම තැබීමට දෙපාර්ශ්වයම එකඟ වී නොමැත.














