අභ්‍යන්තර ආරක්ෂාවට එල්ල වී ඇති සැලකිය යුතු අවදානම් සහ ත්‍රස්තවාදී සැඟවී සිටීමේ තර්ජන තවදුරටත් පවතින බව පවසමින්, ස්පාඤ්ඤය සමඟ ඇති යුරෝපා සංගමයේ ෂෙන්ගන් (Schengen) දේශසීමා රහිත ගිවිසුම අත්හිටුවීම තවත් දින 15කින් දීර්ඝ කිරීමට ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අද (15) තීරණය කර තිබේ. අසල්වැසි මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයේ සියුටා (Ceuta) ප්‍රදේශයට සංක්‍රමණිකයන් විශාල වශයෙන් ඇදී ඒම හේතුවෙන් ඉතාලිය විසින් ප්‍රථම වරට මෙම ෂෙන්ගන් ගිවිසුම අත්හිටුවීම ක්‍රියාත්මක කරන ලද්දේ පසුගිය ජූලි 31 වන දිනදීය.














