2025–2029 ජාතික දූෂණ විරෝධී ක්රියාකාරී සැලැස්ම යටතේ පාර්ලිමේන්තුවට පැවරී ඇති කාර්යයන් ක්රියාත්මක කිරීම සහ ඒවා අධීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 13 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් නම් කර තිබේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණයකට අනුව නම් කර ඇති මෙම කමිටුවට එම සැලැස්ම ක්රියාත්මක කිරීම සඳහා නායකත්වය ලබාදීමේ වගකීම ද පැවරී ඇත.
2026 සැප්තැම්බර් 25 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව හර්ෂණ නානායක්කාර, සුනිල් වටගල, කෞශල්යා ආරියරත්න, ජේ. සී. අලවතුගල, අනුරාධ ජයරත්න, ශානක්යන් රාසමාණික්කම්, ඕෂනි උමංගා, ප්රගීත් මධුරංග, චන්දිමා හෙට්ටිආරච්චි, ධර්මප්රිය විජේසිංහ, දේවානන්ද සුරවීර සහ එම්. නිසාම් කාරියප්පර් යන මන්ත්රීවරුන් එම කමිටුවට නම් කර ඇති බව සඳහන් වේ.














